ආණ්ඩුවට පුනරුදය අමතක වෙලාද?- ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා

0
106

( 11.30 am ) ආංඩුව විසින් රටට හදුන්වා දුන් “පුනරුදය” දැක්ම රටේ ප්‍රශ්ණ විසදීමේදී භාවිතා කළ යුතුය. ඒ අනුව උපාය මාර්ග යොදා ගත යුතුය.මේ වනවිට පුනරුදය දැක්ම අමතක වී තිබේ නම් ඒ ගැන “රිවිෂන්” පංතියක් කර ගත යුතු වේ.

විශේෂයෙන් තරුණයින් සහ ශිෂ්‍යයින් සමග ගනුදෙනු කිරීමේදී වඩා ශිෂ්ඨ සම්පන්න වීමට ආංඩුවට වගකීමක් ඇත. පහරදීම් තුලින් නොව සංවාද තුලින් ඔවුන්ගේ ප්‍රශ්ණ විසදීමට පළමු පියවර ගත යුත්තේ ආණ්ඩුව විසින්ය. පහරදීම සහ මර්ධනය පැරණි ක්‍රමය බව මතක තබා ගත යුතු වේ.

මෑතකදී පැවැත් වූ ශිෂ්‍ය් උද්ඝෝෂනය අවසාන එක නොවේ. පරාජයට පත්ව ඇති විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවට විරුද්ධව තව තව උද්ඝෝෂණ ඉදිරියේදී අනිවාර්යෙන් පවත්වනු ලබයි.
එම උද්ඝොෂණ සියල්ල සාධාරන එවා නොවන්නට පිළිවන. ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල ලබා දීමට නොහැකි ඒවා විය හැක. නමුත් බලය ඇල්ලීමට විවිධ කණ්ඩායම් විසින් ඒවා සිදු කරනු ඇත.

එම නිසා ඒවාට වඩා ශිෂ්ඨ විධියට මුහුණ දීමට නව උපාය මාර්ග සොයා ගැනීමට ආණ්ඩුවට සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here