ආණ්ඩුවෙන් කමිස රෙදි විතරක් ලැබුන මිගමු දරුවන් කලිසම් රෙදි .

0
518

මිගමුවේ බොහෝ පාසැල් වල පිරිමි දරුවන්‌ට කමිස වලට පමණක් රෙදි ලබා දි තිබෙන පසුබිමක පාසැල්වල දුප්පත් පිරිමි දරුවන් හට කලිසම් රෙදි ලබාදිමට මිගමුව මහනගර සභාවේ එජාපෙ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් මුලිකත්වය ගෙන තියෙන බව වාර්තාවේ.

මේ සද් කාර්යය සදහා නාගරික මන්ත්‍රිවරුන් වන සංගිත් පෙරේරා ,නාමල් වේවැල්දෙණිය සහ සුමිත් ප්‍රනාන්දු එක්ව සිටිති.

මිගමු ඒජාපෙ ආසන සංවිධායක ඇතුළු මන්ත්‍රින් පිරිසක් ලංසා පවුලේ කරේ අත දාගගෙන මිගමුවේ බදු ගෙවන ජනයාට කොකා පෙන්වමින් මුදල් ගසා කද්දි මෙවැනි මන්ත්‍රින් පිරිසක් සාධාරණ ලෙසින් උපයා ගත් මුදල් මිගමුවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරිම සැබැවින්ම අගේ කළ යුතුය.