ආණ්ඩුවේ නාස්තිකාර වියදම් අඩු කිරීමට මීගමුව නගර සභාවේදී යෝජනාවක්

0
32

අද මීගමුව මහ නගර සභාවේදී  මීගමුව විපක්ෂ කණ්ඩායමේ පත්කළ නායක කැලිසන්
ජයකොඩි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ,
වර්තමාන ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමණා‍ෙකරනය නිසාත්, නාස්තිකාර වියදම් නිසාත්
රුපියලේ අගය දිනෙන් දිනම  සීඝ්‍රෙයන් ඉහළ යාමේ  ප්‍රවනතාවය තුළ ඉතිහාසයේ නොවූ
විරූ අන්දමට ඉන්ධන මිළ හා විදුලි බිල අහස අසට ඉහල නැංවීමෙන් ජනතාවට අද ජීවත්විය නොහැකි තත්ත්වයකට ඇද දමා ඇත. වහාම ජනතාව තවදුරටත් පිඩාවට පත් නොකර ඔවුනට සහනයක් සැලසිමට අවශ්‍ය පියවර ගන්නා මෙන් රජයට බලකල යුතු යැය සභාවෙට යෝජනා කර සිටියේය.මෙම යෝජනාවට පක්ෂව විපක්ෂයේ එකගතාවය පළවු අතර ආණ්ඩු පක්ෂයේ කිසිවෙකුත් මෙම යෝජනාවට පක්ෂව ජන්දය ලබා දනුනේ නැත. මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී මීගමුව නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ,මේ තත්ත්වය විවිධාකාරයෙන් ප්‍රකාශ වුවත් රටේ සිදුවෙමින් ඇති සංවර්ධනය හමුවේ කිසිවෙකුත් බඩ ගින්නේ  සිටින තත්ත්වයක් උදාවී
නොමැති බවයි.