ආණ්ඩුවේ සහය ලබන මැරයන්ට එරෙහිව බටහිර තානාපති කාර්යාලවලින් එකාබද්ධ නිවේදනයක්

0
64

ආණ්ඩුවේ සහය ලබන හික්ෂුන් ඇතුළු මැරයන් පිරිසක් විසින් ඊයේ  මරදානේ පැවැති රැස්විමක් කඩාකප්පල් කර දැමිටම එරෙහිව බටහිර තනාපති කාර්යාල විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි වැඩි දුරටත් මෙසේ සදහන් වේ.

……අතුරුදහන් වුවන්ගේ පවුල් සංවිධානය විසින්  අතුරුදහන් වු පවුල් වල ඥාතීන්ට සවන්දීම මැයෙන් සංවිධානය කරන ලද
මරදානේ ඩීන්ස් පාරේ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ CSR අගෝස්තු 4 වෙනි දින පැවති රැස්වීම කඩාකප්පල් කිරීම සම්බන්ධව ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ ස්විට්ර්ලන්ත යන තානාපති කාර්යාල තරයේ හෙලාදකිමු.
ඇමරීකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් කර තිබූ ආකාරයට එම සාකච්ඡාව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේසංවිධානාත්මක කණ්ඩායමක් කෑකෝ ගසමින් ප්‍රචන්ඩකාරී ලෙස එම ශාලාව තුලට කඩා වැදුනහ.
මෙම කඩාකප්පල් කාරී සිදුවීම වන මොහොතේ උතුරු පළාතෙන් පැමිණි අතුරුදහන් වූවන්ගේ ඥාාතීන් 30 දෙනෙක්ද රාජ්‍යනොවන සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ද තානාපති කාර්යාංශ නියෝජිතයන්ද එහි සිටියහ. මෙම සිදුවීම තමන්ගෙ ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී තිබූ බව සියළු දෙනාටම දැනිනි.
සංවිධාන කිරීමේ නිදහසත් විවෘතව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තහවුරු කරන ලෙස අප • ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. උතුරු පලාතෙන් සිය අත්දැකීම් බෙදා ̄ ගැනීම සඳහා පැමිණි පවුල්වල සාමාජිකයන් සිය ගම් පලාත් වලට පැමිණි පසු ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කිරීමට බලධාරීන් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.BBS1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here