ආණ්ඩුව වෙනස් නොකරපු තිරණයක් නැති ගානයි ! අර්බුදයේ තරම එයින්ම වැටහෙයි ?

0
107

තිරණ( 11.50 am ) ආණ්ඩුව වෙනස් නොකරපු තිරණයක් දැන් නැති ගානය. ඊයේ ගත් තින්දුව අද වෙනස් කරයි. හෙට තව එකක් කියයි. මේ අනුව බලන කල මේ ආණ්ඩුව යන දුර පෙන්නේ නැති එහෙම දුර දකින්නට පුලුවන් නායකත්වයක් නැති දැවැන්ත අර්බුදයක් ගිලි යමින් සිටින බව ගැන යළිත් වෙන විවේචන නිදසුන් අවැසි නැත. ආණ්ඩුව විසින් මේ වන  විට කප්පරක් නිදසුන් සපයා හමාරය.
බාර් විවෘත කරයි . යලි වසයි.
රු 5000 ට අයදුම් පත් බෙදයි .යළි අහෝසි කරයි . යළිත් වෙනස් ක්‍රමයක් යෝජනා කරයි.
මේ වගේ ලයිස්තුවක් ලිවිමට පුලුවන්.
සැබැවින්ම කියන්නේ නම් ආණ්ඩුව දෙතුන් පාරක් වෙනස් කළ නොකළ එක තිරණයක් වත් නැති ගානට මස්තබාල්දු වි ඇත.
ඉතිහාසය තුල පත්වු දුර්වලම ආණ්ඩුවක් හමුවේ කොරෝනා වැනි මරාන්තික වසංගතයකට මුහුණ දිමට සිදුවිම යනු ජනතාවගේම කරුමයයි.
පච පච පමණක් ගාන්නට දන්නා ඇමතිවරයක් සෞඛ්‍ය භාරව සිටිමින් කියන්නේ වසංගතයක් මැද හෝ ඡන්දය තියා එය  දිනාගන්නට අවැසි බවය.
ඉතින් තවත් කථා කුමකටද ?