ආණ්ඩුව වෙනස් වුනත් හමුදාවේ මානසිකත්වය තාමත් එහෙමමයි – උතුරේ මාධ්‍යවේදිහු කියති.

0
120

5ආණ්ඩුව වෙනස් වුනත් හමුදාව තාමත් එහෙමමයි කියා සිටින්නේ උතුරේ මාධ්‍යවේදින්ය.ඔවුන් එසේ  කියා සිටියේ ජගත් මානව හිමිකම් දිනයේදි පොලිස්පති කාර්යලයේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා හා පැවැති සාකච්ජාවකදිය.
දෙමල මාධ්‍ය සමාජයේ නියෝජිතයන් විසින් මෙසේ අදහස් පළකරන ලද්දේ තම මාධ්‍යවේදින් සිය වෘත්තිමය කාර්යන්හි නියැලි සිටින විට විශේෂයෙන්ම ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ බුද්ධි අංශ විසින් සිදුකරනු ලබන විවිධ බාධාවන් ගැනය .
හමුදාවේ ඇතමුන්ගේ ආකල්ප වෙනස් කිරිමක් සදහා කටයුතු සිදුනොවන්නේ නම් රටතුල ඇතිකළ  යුතු සංහිදියාවට එය ප්‍රබල බාධාවක් බවද යාපනය මාධ්‍ය සමාජ මාධ්‍ය නියෝජිතයන් කියා සිටියේය.