ආණ්ඩු පක්ෂයේ මැතිවරණ කාර්යාලය කුරණට?

0
44

sarathමීගමුව තුල පසුගිය කාලය තුල ද්වන්ධ සටනක් ලෙසින් පැවති සරත් ලංසා ගැටුම මධ්‍යයේ මීගමුව ශ්‍රිලනිප සංවිධායක ඇමති සරත් ගුණරත්නගේ මුලිකත්වයෙන් මැතිවරණ කාලයක් නොවැ 09 වන ඉරුදින  කුරණදි ඇරඹිම නියමිත අතර මේ සදහා විශාල ප්‍රචාරයක්ද ලබා දි ඇති බව පෙනේ.
පසුගිය දිනවල කරවල නිෂ්පාදකයන් හා සුළු ධිවරයන් අතර හට ගත් අරගලයේදි කරවල නිෂ්පාදකයන්ගේ පැත්ත ඇමති නිමල් ලංසා විසින් ගැනිම නිසා දැනටමත් බිදවැටෙමින් තිබෙන ලංසා ප්‍රතිරූපය ධිවර ප්‍රජාවගේ බරපතල අප්‍රසාදයට ලක්ව තිබේ.මේ සියල්ලේ වාසිය ගනිමින් මැතිවරණ කාර්යාලය විවෘත කිරිම දැවැන්ත ප්‍රචාරයක වැඩක් බවට නිර්මාණය කර ගැනිමට ඇමති ගුණරත්න සිතුවා වන්නට පුලුවන.