ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි වැලි වලට බසින්න සැරසෙයි?

0
76

මීගමුව මහනගර සභාවේ අාණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වැලි කොල්ලයකට සැරසෙන බව අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු. මේ වෙනුවෙන් අවැසි පරිවාර සේවා පහසුකම් පසුගිය දිනවලදි සිදුකළ අන්දම ගැනද අපි එහිදි හෙළි කළෙමු.
කොච්චිකඩේ පොලිසිය ශිතල කිරිම වෙනුවෙන් වායුසමනය යන්ත්‍රයක් සපයා දිමට කටයුතු කිරිම අද ප්‍රසිද්ධ රහසකි. එහි මිළ රු 90,000 ක් බවද කියැවේ.
වැලි සුජිත් නමින් ප්‍රකට අයෙක් හා එක්ව  කොච්චිකඩේ දැනට කුණු කසල බැහැර කිරිමට යොදාගනු ලබන ඉඩම් ඇති ප්‍රදේශයේ ඉඩමක වැලිකැපිම සදහා අවශ්‍ය කටයුතු සියල්ල සුදානම් බව ඉතා විශ්වාස කටයුතු ලෙසින් මීපුරට වාර්ථා වේ.
සිතියම්ගත ඇලක් වු තෝප්පුව ඇල වසා දමා ව්‍යාපාරිකයෙකුගේ උවමනාව මත නව ඇලක් කැපිමේ බරපතල රාජ්‍ය විරෝධි ක්‍රියාවටද මේ වැලි මන්ත්‍රිගේ පූර්ණ ආරක්ෂාව සහ අනුග්‍රහය ලැබි ඇත.
වැලි කැපිමට යොදාගැනිමට නියමිත ඉඩම මහනගර සභාව විසින්  විධිමත් කුණු කසල බැහැර කිරිමේ වැඩපිළිවෙලක් සදහා පවරා ගැනිමට යෝජනා කර ඇති ඉඩමකැයි අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් පවසා සිටියේය.