ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් ගරු පියතුමන්ලාට මහසභාවේදි අපහස කරලා !

0
68

sunil silva MC( 3.30 am ) පසුගිය දා පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු වන සුනිල් සිල්වා මීගමුවේ ගරු කතෝලික පියතුමන්ලාට අපහස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකර  තිබිම ගැන පුුලුල් සංවාදයක් මේ වන විටත් මීගමුවේ දේශපාලන කවයන් අතර පැතිර යමින් තිබේ.මීගමුවේ කුඩු වසංගතයට ගොදුරුවන තරුණයන් බේරාගැනිම සදහා ඒ අයට කොච්චිකඩේ ක්‍රිඩාගාරයක් සියලු පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට ඔහු යෝජනා කර තිබුණිි.
මේ යෝජනාවත් සමගින් ඇරඹි සංවාදය තුල මිගමුවේ කුඩු හා බැදුන තවත් දැ ගැනද කථා බහක් මතුව තිබේ.මිගමුවේ කුඩු දේශපාලනයට එරෙහිව ගරු පියවරුන් ගත් ක්‍රියාමාර්ග ගැනද විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් කරුණු දක්වා තිබුණි.
කෙසේ වුවද මේ සංවාදයන් තුලදි සුනිල් සිල්වා මන්ත්‍රිවරයා කියා ඇත්තේ මිගමුවේ ඇතැම් පියතුමන්ලා කිසිදු ලෙසකින්වත්  චරිතවත් නොවන බවත් ඇතැමුන් ඇතැම් පියවරුන්ගේ පැටිකිරිය තමන් ඉතා හොදින් දන්නා බවත් කියා මෙහි සටහන් කරන්නට තරම් නොවන බොහෝ කරුණු මතු කර තිබුණි.
ඒ සියළු චෝදනා තමා වගකිමෙන් කියන බවත් වාර්ථාවෙන් පවා ඉවත් කිරිමට තමන් යෝජනා නොකරන බවත් කියා  ඇත.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු ලෙසින් සුනිල් සිල්වා විසින් ගරු පියවරුන්ගේ චරිත ඝාතනයක් කරමින් සිදුකර ඇති ප්‍රකාශය ගැන ප්‍රබල විරෝධයක් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් එල්ල වි තිබුණද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් හෝ අඩුම තරමින් නගරාධිපතිවරයා හෝ ඒ ගැන කිසිවක් පවසා තිබුනේද නැත.
ඒ අනුව ඒ සියලු දෙනාමද සුනිල් සිල්වා විසින් ගරු පියවරුන් ගැන කළ ප්‍රකාශය පිළිගත්තා වැනි පසුබිමක් එහි තිබි ඇත.
කිතුණු පුරවයක ආණ්ඩු පක්ෂය මේ අකාරයෙන් ගරු පියතුමන්ලාගේ චරිතය ඝාතනය කරන්නට මහසභාව තුලදි ඔවුන්ගේ මන්ත්‍රිවරයෙකුට අවසර දි තිබුණ අකාරය මින් වඩාත් පැහැදිලිය.