පසුගිය දිනක රාත්‍රියක මීගමුවේ එක්තරා ස්ථානයක වු හමුවකි. මීගමුව ගැන උනන්දුවක් සහිත විවිධ දැ වලට මැදිහත්ව සිටි අයගෙන් එය සමන්විතව තිබුණි.මේ රාත්‍රි සුන්දරත්වය තරමක් සීරිස් වන්නට පටන්ගත්තේ මීගමුවේ දේශපාලන අනාගතය ගැන කථා බහ ඒ අතර මැදට පැමිණිමත් සමගින්ය.
මේ කථා බහේ වු එක් කේන්ද්‍රීය කරුණක් වුයේ මීගමුවේ දේශපාලනය අද ආරාජිකව පැවතිමයි.එය පවුලක් විසින් පාලනය කරන තත්වයට පත්ව ඇත යන්න එහි සිටි හැමගේ පොදු මතය විය.
මෙහිදි එක සමාන ලෙසින් චෝදනා කළ යුතු වු දෙදෙනෙකු චුදිතයන් බවට පත් කළේය.ඒ ආණ්ඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න ඇමතිවරයා සහ එජාප සංවිධායක දොස්තර ජයලත් ජයවර්ධන ය.මේ දෙදෙනාෙග්ම නොහැකියාව විසින් අද මීගමුවේ මේ ආරජික තත්වය පැලපදියම් වෙන්නට තුඩු දි ඇත යන්න පොදු නිගමනය විය.
සරත් ගුණරත්න යනු කිසිදා සිය පක්ෂය හැර නොගිය අත්දැකිම් බහුල දේශපාලකයෙකි. එජාප භිෂණ සමයේද පක්ෂයේ කටයුතු වෙනුවෙන් ඇතම් විට තනිව සටන් කළ අයෙකු විය.එජාපය විසින් හදුන්වා දුන් වගකිමෙන් ආරක්ෂා කිරිමේ පණතට එරෙහිව ලංකාෙව් පැවති එකම මහජන ක්‍රියාකාරිත්වයට මුළු දුන් මීගමුවේ සිවිල් ක්‍රියාකාරිත්වය හා එක්ව සියළු පක්ෂ රැස් කොට රැස්විමක් සංවිධානය කිරිමේ කටයුත්තේදි සැලකිය යුතු වැඩකොටසක් සරත් ගුණරත්න ඉටු කළේය.
මේ සියළු මැදිහත්විම් වල ප්‍රතිඵල ඔහු විශ්වාස කළ දේශපාලනය වෙනුවෙන් නිසි ලෙස අයෝජනය කිරිමට වු නොහැකියාව සැමදා ඔහුට තිරාණාත්මක ලෙස බලපැවේය.
මේ නිසාම මීගමුව තුල සරත් ගුණරත්න ගේ අණසක තිරාණාත්මක ලෙසින් පතුරුවන්නට නොහැකි විය.
මේ යථාර්ථය තුල පැවැති හිඩැස පසුකලෙක පුරවන්නට එජාප දේශපාලන සම්භවයක් සහිත පවුලකින් පැමිණි නිමල් ලංසාට හැකිවිය.හුළං අත බලා රැවල දා ගැනිමේ ජගතෙකු වු නිමල් ලංසා එතැන් සිට සිය අනසක මීගමුව තුල පතුරාලමින් පැමිණ අද මීගමුවේ පාලනය සිය පවුල තුලට ගොනු කර තිබේ.
රට පාලනය මැදමුලනින් සිදුවෙද්දි මීගමුවේ පාලනය වැල්ලවිදියට මාරුවුයේ එලෙසින්ය.
මේ යථාර්ථය තුල සරත් ගුණරත්න අතින් ගිලිහි යමින් තිබෙන මීගමුව යළි සිය අණසක යටතට ගැනිමට කිසිදු සක්‍රිය මැදිහත්විමක් සැලැසුම්ගතව සිදුකළ බවක් ඇත්තේම නැතැයි මීගමු දේශපාලනය ගැන විග්‍රාහාත්මක අවබෝධයක සිටින සැමගේ මතයයි.
මේ පසුබිම යටතේ සිය දේශපාලන ඉරණම තමන් විසින්ම ලකුණු කරගනිමින් අනාගත මැතිවරණයකදි සිය මන්ත්‍රිධුරය පවා අහිමි වන්නට තරම් පසුබිමක් නිර්මාණය කරගනිමින් සිටින තත්වයක් තුල ජනාධිපතිගේ කැබිනට් සංශෝධනයේදි ධීවර අමාත්‍යධුරයෙන් පිදුම් ලබන්නේ යළිත් වරක් සිය අණසක මීගමුවේ පතුරුවාලන්නට ලැබුන බෝනස් චාන්ස් එකක් ලෙසිනි.
එහෙත් ඒ ධුරය පවා මේ දක්වා තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් යොදාගැනිමට එහා යමින් මීගමුව තුල තමන් අතින් ගිලිහි ගිය අණසක යළිත් වටයකින් ඉදිරියට ගෙන එන්නට හැකි වි ඇතිද යන්න ඇත්තටම සැක සහිතය.
දැන් ඔහු මුහුණ දි ඇත්තේ මීගමුව පමණක් නොව සිය මන්ත්‍රිධුරය පවා අහිමිව යන්නට තරම් තිරාණාත්මක යථාවකටය.
නිමල් ලංසා ඇමැතිවරයාට වත්තල ආසනය ලැබිම යනු ඔහු වෙත පිරිනැමෙන දැවැන්ත බෝනස් එකක් වනු නොඅනුමානය. ඒ සියල්ලේ හයිය ඔස්සේ නිමල් ලංසාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිහිනය යථාවක් වන්නට ඇති ඉඩවැඩිවන අතරේ ඊට සමාන්තරව සරත් ගුණරත්න ඇමතිවරයාට අහිමි වන්නට ඇති දැ වැඩිවනු ඇත.
මේ සටහනේ අවසානයට යළිත් පසුගිය දිනක පැවැති සුන්දර රාත්‍රියක නිගමනය ලකුණු කොට තබන්නට කැමැත්තෙමි.
මීගමුව සංවිධායකවරයා ලෙසින් මීගමුවේ කටයුතු කළමණාකරණය කරන්නට ඵලදායි මැදිහත්කිරිම ආරම්භ කිරිම හරහා පමණක් තමන්ගේ අතින් දැනටමත් ගිලිහි ගොස් ඇති මීගමුව යළි හිමි කර ගැනිමට හැකි වනු ඇත යන්නයි.
මේ අභියෝගය කළමණාකරණය කරගන්නට සරත් ගුණරත්න මහතා අසමත් වන්නේ නම් ඔහුට ඉතිරි විය හැක්කේ රෝමයේ තනාපතිධුරය පමණකැයි අපේ මිතුරෙක් විහිළුට කි දේ ඇත්තක් විය නොහැකි යැයි කියන්නේ කෙසේද…?
එහෙත් එය පවා හිමිවන්නට නම් සරත් ගුණරත්න මහතාට ආණ්ඩුවක් තිබිය යුතුය.
එයද අහිමි විම පිළිබදව ඇත්තේ කාලවකවානු පිළිබදව ගැටළුවක් පමණි.