ආතර් අයියාගේ සිහිනය සැබෑ වෙයි ! ඇමරිකන් හඬ යන්නම යයි !

0
219
ආතර් ප්‍රනාන්දු -ඉරණවිල
ආතර් ප්‍රනාන්දු -ඉරණවිල
ආතර් ප්‍රනාන්දු -ඉරණවිල

ඇමරිකා එක්සත් ජනපද පාලනය යටතේ විසිපස් අවුරුද්දක් තිස්සේ පැවති ‘ඇමරිකන් හඬ’ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාර පිහිටුවා ඇති ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ගගන වෙබ් අඩවිය අද වාර්තා  කොට තිබුණි .මෙරට තුල විදේශිය ව්‍යාපෘතියකට එරෙහිව පැවැති අඛන්ඩව පැවැති දැවැන්තම විරෝධතාවය වුයේ ඉරණවිල ජනතා අරගලයයි.ආතර් අයියා එහි නායකයා විය.ඔහු තෙප්පම් ධිවරයෙකි.මෙය කවදා හෝ අසාර්ථක වන බව ඔහු එදා පටන් කි අයුරු අදටත් අපට මතකය.අාතර් අයියා පුමුඛ ඉරණවිල ජනයාගේ අරගලයටදැන් අළුත්  පිටුවක් එක්ව තිබේ.

ඇමරිකන් හඩ අදාල ගිවිසුම් කාලය සම්පුර්ණ කරන්නටත් මත්තෙන් දැන් යන්නට තිරණය කර තිබේ.
1994 අගෝස්තු මාසයේදි බලයට පැමිණි  චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව විසින් ඇමරිකන් හඩට එරෙහි ජනතා විරෝධය මෙල්ල කරන්නට යෑමේදි පොලිසිය විසින් බෙනට් නම් වු ධීවරයෙකු වෙඩි තබා ඝාතනය කරන්නටද යෙදුණි.
ඒ 1994 ඔක්තෝබර් මාසයේදිය.

ඉරණවිල අරගලයේදි ඝාතනය කෙරුණ බෙනට්
ඉරණවිල අරගලයේදි ඝාතනය කෙරුණ බෙනට්

එහෙත්  ඒ ධිවරයන් සිය අරගලය අත්හලේ නැත.
එහෙත් මේ අරගලයේ තිරාණාත්මක මොහොතෙදි එහි පැමිණි කතෝලික පල්ලියේ ප්‍රබලයෙකු විසින් ජනතාව කරන්නට යෙදුන ඉල්ලිමක් හමුවේ ඔවුන් සිය අරගලය තාවකාලිකව අකුලාගෙන තිබුණි.
එහෙත් ඔවුන් කවදා හෝ බලා සිටියේ තමන්ගේ ඒ පුංචි ගමෙන් ඇමරිකන් හඩ යන්නටම යන දිනයක් එන තුරුය.
දැන් ඒ මොහොත එළඹ තිබේ.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඒ බව දැනුම් දෙනු ලැබුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 18 බදාදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය

එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම් , දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී ඇත.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නියමයෙන් කරන ලද සමීක්ෂණයකින් පසු නිර්දේශ වී ඇති පරිදි රජයට පවරා ගන්නා භූමියේ ආර්ථික හා සංචාරක කලාපයක් පිහිටුවීමට නියමිත බව ගගන ට වාර්තාවේ.
(ගගන වෙබ් අඩවිය ඇසුරින් සැකසුණි)

Save