ආදරණීය සින්ඩී ..

0
437

12122722_10205624849597328_7513801000410485020_nමහ මග හිමි උන්න උඹ වගේ ගොඩදෙනෙක්ගේ ජිවිතවලට උරුම ගල් පාරවල් විතරමයි.
හරිහමන් කැමක් බිමක් තියා උඹට ඕන විදිහට ඇවිදලා නිදහසේ ඉන්නත්,  ‘ මිනිස්සු ‘ කියාගත්ත අයගෙන් ඉඩක් උබලා වගේ අයට ලැබෙන්නේ නැ.

ඇගපුරාම කුශ්ට,කිනිතුල්ලන්ගෙන්,මිනිස්සුන්ගෙන් වෙන හිරිහැර නිසාම සින්ඩි උඹට බඩට නැතත් හිතේ නිදහසෙන් වත් එක තැනක ඉන්න බැරි වෙලා. කුශ්ට රෝග නිසා දුක්විදින සින්ඩි උබලට කැමක් ඉල්ලගන්න මනුස්සයෙක් ලගට යන්න බැරි තරමටම ජිවිතය නපුරුකම් කරනවා වගේම, අනික් අයට වගේම උඹටත් දැනෙන බඩගින්න දුක වේදනාව කටින් කියන්න වත් බැරි තරමට ස්වභාවධර්මය වෙලාවකට උඹලව අසරන කරනවා වැඩියි සින්ඩි.

ලොකු ලොකු මුදල් වලට අලෙවි වෙන බල්ලන්ට වගේම උබලටත්,බුරන්න,කරනම් ගහන්න,ආදරේ පෙන්නන්න පුලුවන් කම තිබුණත් මොකක්දෝ අවාසනාවකට මිනිස්සු ගොඩදෙනෙක් එ දේ තේරුම්ගන්නේ නැ.
බඩපොත්ත පිටට ඇලෙනකන් උඹ උහුලන බඩ ගින්දර, මිනිස්සුන්න් උඹට ලැබෙන ගුටි බැට පූජාවල් නිසා උඹලා උහුලන ගින්දර ලෝකෙටම කැ ගහලා කියන්න දෙවියෝ උඹලටත් අවස්තාවක් දෙනවනම් ලෝකයෙන් මෙච්චර කෙනෙහිලිකන් උඹලට නොලැබේවී මගේ කෙල්ලේ.

උබේ බඩගින්නට කවුදෝ අරගෙන දීපු බනිස් ගෙඩිය පැත්තක දාලා උඹ මන් පස්සෙන් ආවේ ආදරේ උනුහුම එක ඩින්ගකට හරි විදගන්න උබේ හිතේ තිබ්බ කැමැත්තට කියලා මට හිතෙනවා. එකට හොදම සාක්ෂිය මේ අසරණ ඇස් දෙක. ඒ ඇස් දෙක කියාගන්න බැරී දාහක් දේවල් කියනවා කියලා මට වගේම උඹව තේරුම ගන්න ඕනම කෙනෙක් කියාවි.

අද උඹට ලැබෙන රැකවරනය,සින්ඩි උඹ වගේ අන්ත අසරන තවත් සින්ඩිලාට ලැබෙන්න උඹේ මේ පින්තූරේ ..මිනිස්සුන්ගේ හදවතට කතාකරන අවියක් වේවා කියා අපි ප්‍රාර්තනා කරමු.

මීට,
උඹට මහා ගොඩාක් ආදරේ
තිලිනි අක්කා.

(උපුටා ගැනීම – සුරතල් සතුන් ඇතිකරන්නන්ගේ  ෆේස් බුක්  පිටුවෙන් )