ආදරය සමඟින් දැනුම යහමින් බෙදන වැල්ලේ පාසැල

0
503
පාසැල් ක්‍රිඩා තරග
පාසැල් ක්‍රිඩා තරග

මීගමුව කුඩාපාඩුව පල්ලිය අසල ඉතා කුඩා බිම් කඩක වු සුන්දර පාසැලකි. එහි ඉගෙනුම ලබන්නේ ධීවර කර්මාන්තයේ නියැලෙන කම්කරුවන්ගේ දූ පුතුන්ය.මේ දරුවන්ගේ දෙමව්පියන් බොහෝ විට සංක්‍රමණික ධීවරයන්ය. එබැවින් ඔවුන් ගේ දෙමව්පියන් සිටින්නේ දූපත්වලය. මේ අය වෙසෙන්නේ සිය ලොකු අම්මා හෝ නැන්දලා ලගය.
නිවසේ වහරන්නේ දමිල බසය. මීගමුවේ ධීවර ජනයාගෙන් අති බහුතරයක් දෙනා එසේය.
වසර 100 කටත් ආසන්න කුඩාපාඩ්ුව සිංහල මිශ්‍ර පාසැලට අධ්‍යාපනික වසන්තය එළඹෙන්නේ දැනට වසර 3 ක පමණ සිටය. ඒ මේ විදුහලට පැමිණි පියෙක් බදු වු විදුහල්පතිවරයා සහ ඔහු හා කරට කර වැඩ බෙදාගත් කුඩා ගුරු මණ්ඩලය නිසාවෙනි.
මේ සියල්ලගේ මහන්සිය මුලින්ම මල්පල ගැන්වෙන්නේ වසර 2011 දිය. ඒ පාසැලේ සිසුවියක් A 5 ක් සහිතව අපොස සා/පෙල සමත්විමයි.
ඒ ශතවර්ෂයකට ආසන්න වු මේ පාසැලේ ඉතිහාසයේ හොඳම ප්‍රතිපලයයි.
අවේ මරියා කන්‍යාරාමයේ ගරු විදුහල්පති කන්‍යාසොෙහායුරියගේ නොමඳ සහයෙන් ූඋසස්පෙළ සදහා එහි යන්නට වරම් ලැබේ.
එතනින් පටන් ගත් හැරවුම ඊළඟ සන්ධිස්ථානය කරා කැදවාගෙන එනු ලබන්නේ 2012 සාමාන්‍ය පෙළ සිසුදරු දැරියන් විසිනි.
ඒ ථෙතිහාසික ප්‍රතිපලයක් පාසැලට අත්කර දෙමිනි.
2012 වසරේ ස/පෙළට වාඩිවු සිසු දරුදැරියන් 6 දෙනාම උසස්පෙළ සදහා සුදුසුකම් ලැබිමයි.
දෙමාපිය ඇසුරේද නැති ගෙදරදි දමිල බසින් කථාකරන මේ දරුවන් අධ්‍යාපනය අැසුරේ හික්මවනු ලැබිම මේ පාසැලේ  ගුරු මණ්ඩලයේ සෑබෑම අභියෝගය වන්නට ඇත.
වේවැලෙන් වෙනුවට දයාබරත්වයෙන් දරුවන්ට මගපෙන්විම මේ හික්මිමේ පදනම බව විදුහල්පති කුමාර මහතාෙග් විශ්වාසයයි.වේවැල අභිබවා ගිය ආදරයේ සංස්කෘතිය  සෙනහසේ නවාතැනක්  දෙමව්පියන් ද ලඟ නැනි මේ දරුවන් හට නිර්මාණය කර තිබේ.
සංචාරක කර්මාන්තය විසින් අනේකවිද දුසිරිත් වේගයෙන් බෙදාහැරෙන මේ පරිසරය තුල එවායේ ඇසුර ලබන්නට මේ දරුවන්ට ඇති ඉඩ අහුරාලන්නේ පාසැලෙන් පසුත් ආදරයත් සමගින් දැනුම බෙදාදෙන්නට මේ ගුරු මෑණිවරුන් සහ පියවරුන් මහන්සි ගන්නා නිසාවෙනි.
මේ ඇත්ත ආදරය වෙසෙසින්ම අගයන්ට අමතක නොකළ පිරිස්ද සිටිති.
ලංකාවේ ප්‍රකටම උපකාරක පංතිය වු සක්‍යා අායතනයේ අනුග්‍රහයෙන් සිරස සම්බන්ධිකරණයෙන් කඩාපාඩුව පාසැල ට පහසුකම් රැසක් ගිය වසරේ ලැබෙන්නේ හොදම දේ දරුවන්ට දෙන්නට මහන්සි ගන්නා ුඅධ්‍යාපනික ආයතන දෙකක සුහද ගණුදෙනුවක් ලෙසිනි .
මේ ගණුදෙනුවේ පදනම සිසු දරුවන් වෙත පුද දෙන අවංක ආදරයයි.