ආදර්ශමත් ත්‍රිරෝද රථ සංගමයක විසි පස්වන සැමරුම….

0
189

IMG-20190621-WA0001IMG-20190621-WA0002

මීගමුව, ශාන්ත ජෝශප් වීදියේ , අංක 72/ B යන ස්ථානයේ ලියාපදිංචිවී ඇති සී/ස ග්‍රීන්පාක් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තම 25 වන සංවත්සරය අද ( 21) එම ස්ථානයේදී පවත්වන ලදී. වසරකට වරක් පැවැත්වෙන මෙම සංවත්සරය මෙවර උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට අදහස් කරගෙන සිටියද පසුගිය ව්‍යසනය හේතුවෙන් එම අදහස වෙනස් කරමින් එහිදී මියගිය සහ විපතට පත්වූවන් වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ආගමික කටයුත්තක් සිදුකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. මේ සඳහා බෞද්ධාගමික වත්පිළිවෙත් සිදුකිරීමට දුටුගැමුණු මහ විහාරාධිපති මහ හුනුපිටියේ සාශනසිරි තිස්ස හිමි ඇතුළු තවත් දෙනමක් වැඩම කළ අතර කතෝලික වත් පිළිවෙත් සඳහා ශාන්තමරියා දේවස්ථානයේ පියතුමෙකුද සහභාගී විය.IMG-20190621-WA0000IMG-20190621-WA0005

ආගමික කටයුතු වලින් පසුව මෙම සමීතියේ නිල කටයුතු ආරම්භ කරමින් ප්‍රතමයෙන්ම පොල්තෙල් පහන දැල්වීම සිදුකරන ලදී. ඉන් අනතුරුව මෙම ත්‍රිවීල් සමීතියේ කැපවීමෙන් කටයුතු කළ සාමාජිකයින් ඇතුළු සියළුම සාමාජිකයින්ට තිළිණ ප්‍රධානයක් සහ මෙම සංගමයේ ලාංඡනය ඇතුලත් කරනලද ටී ෂර්ට් එකක් ලබාදීමටත් අවස්ථාව වෙන් කරන ලදී. මෙහිදී පැරණි නායකත්වය පිළිබඳව ඇගයීමක්ද කරන ලදී. මේ අනුව මුල් සභාපතිවරයා වූ සිරිල් ගුණදාස මහතා සහ ලේකම් ඉන්දික රොෂාන් මහතා විසින් කළ කැපකිරීම් නොවන්නට මෙවැනි ඉදිරිගමනක් සිදුනොවන බවට අදහස් ඉදිරිපත්වූ අතර මෙම සමීතිය සාමාජිකයින් 9කගෙන් ආරම්භ කරමින් වසර 25ක් දක්වා පැමිණි ගමන තුළ මේ වනවිට සාමාජිකත්වය 62 දක්වා වර්ධනය වී ඇති බව වර්තමාන සභාපති වන රුවන් තුෂාර මහතා පැවසීය.

මෙම වසර 25 තුළ ඔවුන් විසින් කළ සේවාවන් ගැන මෙහිදී සිහිකැඳවීමක් කරන ලදී. මේ අනුව ප්‍රදේශයේ ජනතාවගේ ආපදා තත්වයන්හිදී , රෝගී තත්වයන්හිදී මෙන්ම රටේ ජල ගැලීම් සහ වෙනත් ව්‍යසනකාරී අවස්ථාවලදී , ආගමික කටයුතු වලදීද මැදිහත්වී කටයුතු කිරීම. ප්‍රජා සත්කාර කටයුතු වලට දායක වීම ( උදාහරණයක් ලෙස දූව පාස්කු අවස්ථාවේදී නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම ) ආදිය දැක්විය හැක. එසේම අපට ග්‍රීන්පාක් මංසන්දියේ නිතර ඇස ගැටෙන ජුසේවාස් පිළිරුව සහ එම ස්ථානය අද පවතින දර්ශණීය තත්වයට නිර්මාණය කිරීමත්, එහි නඩත්තු කටයුතු සඳහාත් මැදිහත්වී ඇත්තේද මෙම ග්‍රීන්පාක් ත්‍රිරෝද රථ සංගමයයි.වෙනත් එවැනි සමීති සමාගම් කොතෙකුත් ඇති නමුත් සමහර ඒවා සැකසී ඇත්තේ පටු පුද්ගලික අරමුණු වෙනුවෙනි. නමුත් මෙම සංගමය මෙවැනි විශාල වැඩ කොටසක් සමාජය වෙනුවෙන් ඉටුකරලීමට දායකවීම මීගමුව නගරයට මහඟු ආදර්ශයකි. ඒ ඔවුන් සතුව පවතින සමඟියේ ප්‍රතිඵලයක් බව අපගේ විශ්වාසයයි. මේ අනුව ඉදිරියටත් මෙම එක්සත්කම වඩ වඩාත් ශක්තිමත් කර ගනිමින් සමාජය තුළ තවදුරටත් කටයුතු කිරීමට ග්‍රීන්පාක් ත්‍රි‍රෝද රථ සංගමයට ශක්තිය සහ ධෛර්්‍ය ලැබේවායි අපගේ පැතුමයි.
Virus-free. www.avast.com