ආධ්‍යාත්මික නායකයා .spiritual leader

0
52

cardianl 3අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් තමයි මේ මොහොතේ මේ රටේ ආධ්‍යාත්මික නායකයා. උන්වහන්සේ අද වැජඹෙන තැනට මේ රටේ එක මහානායක හාමුදුරු කෙනෙකුට එන්න බැරි වුණා. මොකද ඒ හාමුදුරුවරුන්ට තියෙන්නෙ බුදුදහම නිදර්ශනය කරන එක නෙවෙයි, පඩත්තර දේශපාලුවන්ට පඩික්කං අල්ලන එක.

අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්, ආදර්ශයෙන් ම මේ රට ගොඩනඟන්න අවශ්‍ය ආධ්‍යාත්මික නායකත්වය දීලා තිබෙනවා.

‘මේ රටේ බුදුසසුන විනාශ වුණොත් අපිත් විනාශ වෙයි.’

‍මේ වගේ ප්‍රායෝගික සහ තාර්කික අදහසක් මෑත කාලේ බෞද්ධ නො වන ආගමික නායකයෙකු ගෙන් කියැවුණේ නැහැ.

‍මේ රට ගොඩනඟන්න පුළුවන් වෙන්නෙ බුදුසසුන මත පමණයි. ඒක තමයි ශිෂ්ටාචාරික උරුමය. ඒක තමයි සභ්‍යත්ව විඥානය. ඒ ඔස්සේ මේ රටේ සංඝ සමාජය පූර්ණ ප්‍රතිසංස්කරණයකට යා යුතුයි. මේ පන්සල් බුද්ධාගම එක්ක මේ රටට ඉදිරි ගමනක් ඇත්තේ නැහැ.

ඇත්ත ම කියනවා අද තියෙන පන්සල් බුද්ධාගම කියන්නෙ සුද්දා හදපු එකක්. පැහැදිලි වම බුදුසසුනේ විකෘතියක්. ඒක සුද්දා කළේ දැන, දැන. විහාර දේවාලගම් පනත හදලා, මේ රටේ එතෙක් පැවැතුණු බුදුසසුන, සුද්දා විනාශ කළා. ඒක අපි ඊනියා නිදහසින් පස්සෙ යථා තත්ත්වයට පත්කර ගත්තෙ නැහැ. ඒකයි මේ විනාශය.

අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ගේ මඟ පෙන්වීම ඔස්සේ මේ රට ගොඩගන්න පුළුවන්.

ඒ සඳහා සමාජයේ පුළුල් සංවාදයක් ඇති විය යුතුයි.

ඒක මේ කාලකණ්ණි දේශපාලුවන්ට කරන්න බැහැ.

ඒ සඳහා දැක්මක් තියෙන, බුද්ධිමත් මත ගරු කරන, ප්‍රායෝගික දේශපාලන නායකත්වයක් රට තුළ ඇතිවිය යුතුයි.

– කුමාර ලියනගේ