ආනන්දයෙන් ආරම්භ වී රෝහල තුළින් අවසන්වන සංගීත සංදර්ශන

0
82

පසුගිය  සෙනසුරාදා(7දා)   මීගමුව  දළුපත  බදුවත්ත  ර්‍කීඩාංගනයේ  සංගීත සංදර්ශනයක   ස . නි. ධ. ප  සංගීත  කඞඩායමේ   සංගීත  සැන්දෑවකි.   විශාල
පිරිසක්   පැමීණ   රාත්‍රි  2.00    ආසන්න   වන  තුරු  බදුවත්ත ක්‍රීඩාංගණයේ   විනෝදවෙමින්   කාලය  ගත කරන  ලදී.   මෙම  සංගීත  සංදර්ශනය
අවසන්වූ  පසු  තවත්   සංදර්ශනයක්  බදුවත්ත  ක්‍රීඩාංගනය  තුළින්  මතුවී  ඇත.  මෙය  නිර්මාණය  කළේ  තරුණ  පිරිසකි.  ඔවුන්  සිට  ඇත්තේ
බීමතින්ය. බහින්බස්  වීමකින්  පසු  ගින්නට  පිදුරු  වැටින.  ගින්න ඇවිළින.  එක්  තරුණයෙකු  එල්ල  කර ගනිමින්  පහර  දී  ඇති  අතර  තවෙකෙකු
විසින්  කුමක්හෝ      ආයුධයකින්  එම  පහර කෑ  තරුණයාට  තුවාල  සිදුවන  සේ  ඉන්  පහර  දී  ඇත. පසුව  තුවාල ලත්  තරුණයා  මීගමුව  රෝහලට  ඇතුලත්
කෙරින.

මේවනවිට  සංගීත  සංදර්ශන  තුළ  මෙය   සාමාන්‍යකරණය  වූ  තත්වයකි. සාමාන්‍යයෙන්  කළාව  තුළින්  බලාපොරොත්තු   වන්නේ   සංවරයකින්  සහ
සංයමයකින්  යුතු  පුද්ගලයෙකු  නිර්මාණය  කිරීමයි.  මෙහිදී  සිදුවී  ඇත්තේ  සංවරයක්  හෝ  සංයමයක්  නැති   ඇගේ   හයිය  පමණක්  ඇති  පිරිසකගේ
ගෝත්‍රික   හැසිරීමකි.  පෙනුමෙන්  සුපර්මෑන්ලා  මෙන්  පෙනීසිටීමට උත්සාහකරන  මේ  අයගේ  ඇතුලාන්තය  හිස්  එකකි.  මෙහි  ක්‍රියාත්මක  වන්නේ
ඇසට  ඇසක්,  දතට  දතක්   යනුයෙන් පැරණී ගිවිසුමේ ද සදහන් දන්ඩනයකි.
මෙම ගෝත්‍රික  හැසිරීමේ  අවසන්  ප්‍රතිඵලය  වන්නේ   එක්  පසෙක   පොලිස් කූඩුවේ  ලැගීම  සහ  අනෙක්  පස  රෝහලේ  ලැගීම  මිස  වෙන  අන්  දෙයක් නොවේ.showindex