විරෝධයක් මතුව ඇත.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ, ආනවිලුන්දාව රම්සා තෙත්බිම ඉස්සන් වගා කිරීම සඳහා හෙලි කිරීම කවුරු කලද ජනතාව තුනෙන් දෙකක බලයක් දී තිබෙන්නේ මේ රටේ තෙත් බිම්වලට හෝ පරිසරයට අත තැබීමට නොවන බව අවධාරණය කර සිටියේය.
පුත්තලම ආනවිලුන්දාව රම්සා තෙත්බිම අක්කරයක පමණ භූමි භාගයක් හෙළි පෙහෙළි කර ඇත්තේ සමහර විට ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙකුගේ ගෝලයන් විය හැකි බවත් එසේ නැතිනම් දේශපාලන බලයක් නොමැති අයද විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
මෙවැනි පාරිසරික භූමිවලට අත තැබීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් වැඩ කොතනින් වුවද වහා නතර නතර කල යුතු බවද ඇමැතිවරයා කියා සිටියේය.
ජනතාව තුනෙන් දෙකක බලය ආණ්ඩුවට ලබාදුන්නේ නිසි ලෙස පාවිච්චි කිරීම සඳහා බව පෙන්වා දුන් ඇමතිවරයා, එම ජනවරමේ සුජාත භාවය ආරක්ෂා කළ යුතු බව අවධාරණය කර සිටියේය.
මේ පිළිබඳව සිදුකළ විමසීමකදී වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ‘අද දෙරණ’ වෙත ප්‍රකාශ කර සිටියේ, අභය භූමිය විනාශ කළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දුන් බවයි.
1997 වසරේ ජූනි 11 වැනිදා අභය භූමියක් ලෙස නම් කර ඇති මෙම තෙත් බිම් අභයභූමිය හෙක්ටයාර 1397කින් සමන්විතය.
ප්‍රධාන වැව් පද්ධතියකින් ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 03 වැනිදා රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ මෙරට දෙවැනි රම්සා තෙත් බිම ලෙසය.
”ප්‍රධාන වැව් පද්ධතියකින් ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 03 වැනිදා රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ මෙරට දෙවැනි රම්සා තෙත් බිම ලෙසය.”
මෙම වටිනා පරිසර පද්ධතිය ජලජ පක්ෂීන් දස දහස් ගනනකගේ ප්‍රජනන ස්ථානයක්, ක්ෂීරපායින් ඇතුළු තවත් සතුන් දහස් ගණනකගේ පෝෂණ සහ ලැගුම් ස්ථානයක්, දුලබ සමනල් විශේෂ ගණනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුළු වටිනා ශාක රාශියක නිජබිමක් ලෙස ද සුරක්ෂිත වී තිබේ.
රම්සා සම්මුතිය යටතේ තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති භූමියකි.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ඇති මෙම අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය පසුගිය කාලයේ බොහෝ දුරට නොමනා මිනිසුන් විසින් විනාශ කර තිබුණි.
ඒ නිසාම පසුගිය කාලය පුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ විශ්වවිද්‍යාලයේ සහය ඇතිව කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ සටහනක් ද ආරම්භ කර තිබුණි.
එවැනි පසුබිමක පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුලුමනින්ම විනාශ කර තිබුණි.
එම වටිනා භූමිය මෙලෙස විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව ඒ පිළිබඳව සිදුකළ සොයා බැලීමේ දී අනාවරණය විය.
theleader.lk