ආනන්ද මුණසිංහ ඇතුළු සැකකරුවන්ට ලක්ෂ 2 බැගින් ශරීර ඇප

0
81
රුක්මණීදේවියගේ ස්මාරකය
රුක්මණීදේවියගේ ස්මාරකය

මීගමුව මංඤොක්කා හේනේ පොදු සුසාන භුමියේ පිහිටි රුක්මණීදේවියගේ ස්මාරකය පසුගිය අගෝ:12 වන දින  හිටපු නගරාධිපති ආන්නද මුණසිංහ සහ පිරිසක් විසින් කඩා බිද දැමීමට විරුද්ධව අද දින මීගමුව මහේස්ත‍්‍රාත් උසාවියේදී නඩු විභාගයක් පැවැත්විණි.  එම අවස්ථාවට රුක්මණීදේවී සමරු සංසදයේ අධ්‍යක්ෂක ශිරාණි  අමලා  දිසානායක සහ කලා ශිල්පීන් පිරිසක් සහභාගී වූ අතර සිදුවූ විනාශය සඳහා වන්දිය වශයෙන් රු ලක්ෂ 10ක මුදලක් ඔවුන් ඉල්ලා සිටියහ. මෙහිදී මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ආන්නද මුණසිංහ මහතා ඇතුළු සැකකරුවන් 6දෙනෙකුට ශරීර ඇප ලක්ෂ 2ක බැගින් දඩ නියම කොට මුදාහරීන ලදී. එමෙන්ම සිදුවූ අලාභය සඳහා ලක්ෂ 05ක වන්දියක්ද ගෙවීමට ආන්නද මුණසිංහ එකඟ වී ඇත. මේ සම්බන්ධයෙන් ඊළඟ නඩු වාරය 2011-10-17 වෙනි දිනට යෙදිණි.

තුෂාර ෙරාහාන්