ආප්ප,තේ හා ආහාර පාර්සල් සදහා උපරිම මිලක්..

0
87

image_1506533195-a48ddf480e

තේ කෝප්පයක,දිවා ආහාර පැකට්ටුවක,ආප්පයක හා කිරි තේ කෝප්පයක මිල සදහා උපරිම සිල්ලර මිලක් පනවන ලෙස සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය (AIROA) විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්(CAA) ඉල්ලා ඇතැයි වාර්ථා වේ.

පසුගිය දිනවල එල්පී ගෑස් සිලින්ඩරයක මිළ රු.110කින් ඉහල යාමත් අත්‍යාවශ්‍ය ආාහර ද්‍රව්‍යවල මිමේ දිනවල ඉහල යාමත් නිසා මේ ආකාරයෙන් හත සදහන් කල ආහාර වර්ගවල මිලවැඩිවීමක් සිදුකල යුතු බවයි සමස්තලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ.තේකෝප්පයක මිල රු.20 දක්වාත්,කිරි තේ කෝප්පයක මිල රු.40 දක්වාත් මාළු කෑම පාර්සලයක මිල රු.130 දක්වාත්,ආප්පයක මිල රු.15දක්වාත් වැඩි කරන ලෙසටයි එම සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ.

එලෙසම දිවා ආහාර පාර්සලය අත්‍යාවශ්‍ය ආහාර ලැයිස්තුවට එක්කරන ලෙසත් එම සංගමය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. එසේ අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවට දිවා ආහාර පාර්සලය එක්කිරීම මගින් ඒ සදහා පාලන මිලක් පැනවීමටත් වෙලදපොලේ ආහාර ද්‍රව්‍ය වල මිලෙහි සිදුවන වෙනස අනුව ආහාර පාර්සලයක මිල වෙනස් කල යුතු බවත් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

www.dailymirror.lk ඇසුරිණි.