ආබාධිත දරුවන්ගේ පුහුණු ආයතනයට කණකොකා හඬයිද?.

0
82

IMG-20200211-WA0013

සීදූව , ලියනගෙ මුල්ල ප්‍රදේශයේ ආබාධිත දරුවන් වෙනුවෙන් පුහුණු ආයතනයක් පවත්වාගෙන යන බව අප දැන ගත්තේ මෑතකදීය. එය ඉතා වැදගත් වැඩසටහනක් බව පැහැදිළිය . මන්ද ආබාධිත අයෙකුට සමාජයේ යම් සේවාවක් කිරීම සඳහා පුහුණු කරනවා යන්න සාමාන්‍ය අයෙකුට වඩා වෙනස් එකක් වීමයි. මෙම ආයතනය 50 දශකයේදී පැවති රජය විසින් ආරම්භ කරන ලද්දකි. මෙය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු ආයතනය නමින් පවත්වාගෙන යනු ලබයි.
මේ සමඟ මෑතකදී රජය විසින් සාමන්‍ය දරුවන්ට පුහුණුව ලබාදීම සඳහා මෙම ස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යන පුහුණු ආයතනයක් සමාජ සංවර්ධන අායතනය යන නමින් ගොඩනගා ඇත . එසේම එහි තවත් ගොඩනැගිලි ඉදිකරගෙන යති.
මෙය එක්තරා ආක්‍රමණකාරී ක්‍රියාවක් බව බැලූ බැල්මට පෙනේ. එය එසේ වන්නේ ලංකාව පුරා සිටින විවිධ මට්ටමේ ආබාධිත දරුවන් මෙම ස්ථානයට පැමිණීම තුළින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ජීවිත ස්වාධීනව ගොඩනගාගැනීමයි. ඒ සඳහා කළයුතු කටයුතු බොහෝ ඇත . ඒ සඳහා රජයක් විසින් ප්‍රමුඛත්වය ලබාදී උදව් කළ යුතුය . එසේ තිබියදී මෙම ස්ථානයේ වෙනත් සාමාන්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳව සැකයක් ඇති වීම වැලැක්විය නොහැක .
මෙවැනි පසුබිමක කළයුත්තේ මෙම දරුවන්ගේ ජීවිත ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමයි. එසේ නොවී රජයක් ලෙස මෙම වැඩසටහනට බාධවක් සිදුවන්නේ නම් ඒසඳහා කිසිවෙකුට එකඟවිය නොහැකි බව අපගේ විශ්වාසයයි .දැනට මෙම දරුවන් සඳහා විවිධ විෂයන් පිළිබඳව පුහුණු පාඨමාලා පවත්වාගෙන යති. මේ අතර පරිඝණක පාඨමාලා , සපත්තු , ඉදල්, කොහු යනාදිය හැදීම, පේෂ කර්මාන්තය , ජුකීමැෂින් ක්‍රියාකරවීම, සීතකරන අළුත් වැඩියාව, වඩුවැඩ , කාන්තා ඇඳුම් මැසීම අාදී විවිධ අංශ ගැන පුහුණුවක් ලබාදෙයි. මෙම පුහුණු වලින් පසුව විවිධ රැකියාවන් සඳහා යොමුකෙරේ.