ආයුර්වේද බෝඩ් ලෑල්ලට මුවාවෙලා සමාජ විරෝධි වැඩ එපා.

0
168

Negombo-News මගේ තාත්තා තමයි චීන කටු චිකිත්සාව ඉස්සෙල්ලාම ලංකාවට හදුන්වා දුන්නේ.අද ඒක ලංකාව පුරා ප්‍රචලිත වෙලා එකෙන් ප්‍රතිකාර ලබාගෙන ලෙඩ්ඩු සුවවෙලා තියෙනවා.මට ඇත්තටම ඒ ගැන සතුටුයි.

සාමාන්‍යයෙන් මේ වගේ විවෘත කිරිම් වලට මම එන දේශපාලකයෙක් නෙමෙයි මොකද මේ වගේ තැන්වලට දේශපාලකයන්ව ගෙනල්ලා සමහර ව්‍යාපාරිකයෝ ආයුර්වේද බෝඩ් ලැල්ලට මුවා වෙලා විවිධාකර නිති විරෝධි සහ සමාජ විරෝධි කටයුතු සිදුකරනවා.

මේ වගේ ක්ෂේත්‍රයක තියෙන ගරුත්වය විනාශ කරනවා. නමුත් මම  මෙතනට ආවේ මේ මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යචාර්යතුමා පාරම්පරික ආයුර්වේදයේ නියැලෙන වෛද්‍යවරයෙක් හැටියට මම පුද්ගලිකව දන්නවා ඒ හින්ද මම විශ්වාස කරනවා මේ අය අතින් යම් සේවාවක් ඉටුවෙයි කියල.

මීගමුව වගේ ප්‍රදේශයක ලොකු අදායම් ලබන්න පුලුවන් ක්ෂේත්‍රයක් මේක මොකද සංචාරකයෝ ඉන්න හින්ද.ජනතාවගේ සුවසෙත වෙනුවෙන් මේ සේවාවන් තවදුරටත් ජනතාව අතරට යායුතුයි කියල මමත් රජයත් විශ්වාස කරනවා.