ආරක්ෂකයෙකු සමඟවත් මඟතොට යා නොහැකිද කතකට – මේ රටේ ?

0
180

ඊයේ (22) වන දින  සිය ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදින්නට ගිය කාන්තාවකට සහ ඇයගේ ආරක්ෂක නිලධාරියාට  කිසියම් පුද්ගලයෙකු විසින් හිංසා කිරීමේ  සිද්ධියක් මීගමුවෙන් වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුව අධිකරණ ක්ෂේත්‍රෙය් උසස් නිලධාරිණියක් වන අතර ඊයේ මීගමුව බීච් පාර්ක් එකේදී  මෙම සිද්ධියට මුහුණා පා ඇත.   එහිදී ඇය සමඟ ආරක්ෂාව  සඳහා ගිය නිලධාරියාගේ  පිටුසින් පැමිණි බීමත් පුද්ගලයෙකු  ඔහුගේ කමිසයෙන් අදිමින් අශෝබන ලෙස දබරයට පැමිණීමට උත්සාහ කර තිබේ. එම පුද්ගලයා එම නිලධාරිණියට ද අපහාස කර ඇති බවද වාර්තා වේ. පසුව මෙම පුද්ගලයාව මිගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  බීමත්ව හා අශෝබන ලෙස හැසිරීමේ වරදට ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.womens rights