ආරක්ෂක පියවරයන් නිසා අසරණ වන ගුවන් මගින්ට සහන සලසන්න !

0
61

bus 5(11.50 am ) රටතුල මතුව ඇති තත්වයන් හමුවේ ගෙව ඇති ඇතැම් ආරක්ෂක පියවරන් වලදි හැකි හැම විටකම අදාල ජනකොටස් ගැනද සිතිමේ බරපතල අවැසිතාවක් දැන් මතුව තිබේ.
විශේෂයෙන්ම ගමන් ගමන් වල යෙදෙන මගින් මේ දිනවල විශාල අපහසුතාවකට ලක්ව සිටිති.
ලංකාවට පැමිණෙන මගින්ට සිය ගමන් මළු මිනුවන්ගොඩ කටුනායක මාර්ගය තෙක්ම රැගෙන ආ යුතුව තිබේ.
එහිදි තමන්ගේ බඩු දමාගෙන එන ට්‍රොලි රැගෙන ආ හැක්කේ මිනුවන්ගොඩ කටුනායක මාර්ගය අාසන්නයේ ඇති වැට අසලට පමණි.
එතැන සිට තමන්ගේ ගමන් මළු අතින් ඇදගෙන යා යුතුය.
ගමන් මළු කිපයක් ඇතිව එන අය මෙහිදි පත්වන්නේ බරපතල ගැටළුවකටය.ඒ සදහා ගුවන් තොටේ ගමන් මළු රැගෙන යාම සදහා නිළ වශයෙන් පත්කර ඇති සේවකයන් ඒ අසල රැදි සිටියද ඔවුන්ගේ සහය ඉල්ලා සිටිමේදි මිටර් කිපයක් පමණක් රැගෙන යාමට ලොකු මුදල් ඉල්ලා සිටි අවස්ථාවන් ගැනද දැනමටත් විවිධ චෝදනා මතුව තිබේ.
වැසි දිනයන් හිදි මේ තත්වය තවත් නරකය.bus 3
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ගුවන් තොටුපල බලධාරියෙකු කියා සිටියේ ගුවන් තොටුපලේ රථගාලේ සිට නයිකන්ද දක්වා සටල් බස් සේවාවක් යොදා ඇති බවය.දැනට බස් රථ දෙකක් මේ සේවාව සදහා යොදා ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටි
කෙසේ වෙතත් මේ පිළිබදව ගුවන් මගින්ගේ ඇති අඩු අවබෝධයකි.
අඩුම ගුවන් තොටුපල පර්යන්තයේදි මේ ගැන නිරන්තරයෙන්ම දැනුම් සිදුකර කරන්නේ නැති බවද ගුවන් මගිහු පවසා සිටිති.