ආරක්ෂක මෙහෙයුම් -මාධ්‍ය භීතිය සහ විහිළු

0
102

Image16(2.36pm) අද පෙරවරු 10 ට පමණ සිරස ටීවී නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් පළකරමින් කටුනායක ගුවන් තොටුපළ පිවිසුම් මාර්ගයේ දී බෝම්බයක් පිපිරී ඇති බවට පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කරන ලදී. ඒ සමගම තවත් ආරංචි පැතෙරෙන්නට පටන් ගත්තේය.
ඒ සමගම කටුනායක මීගමුව ප්‍රදේශය භිතියෙන් ඇලලුන අතර ජනතාව මේ ප්‍රවෘත්තිය තවත් වර්ධනය කරමින් ඒ මේ අත දුරකථන ඇමතුම් දෙන්නට ද පටන් ගත්තේය. මේ අතර ඒ වෙනුවෙන් විමසීමක් කිරීමට එම ස්ථානයට ගිය මාධ්‍යවේදියෙකු වාර්තා කර සිටියේ කටුනායක පිවිසුම් මාර්ගය අසල මාර්ග බාධක දමා යම් පරීක්ෂාවක් කරන බවත් එම ස්ථානයේ සිට සියලු විදේශිකයන් ඇතුළු මගීන්ගේ වාහන නවත්වා  අයෝජන කලාපයට ඇතුල් වන්නට නොදී ගුවන්තොටුපළට පමණක් යන පුද්ගලයින්ට තමන්ගේ අනන්‍යාතාවය තහවුරු කර යාමට සල්සවා තිබුණ බවයි.
Image18
බෝම්බ බිය  දුරු කරයි.
ඉන්පසුව ආරක්ෂක අංශ විසින්  අයෝජන කලාපයේ  සැකකටයුතු  කිසිවක් නොමැති නිසා නැවත විවාෘත කළ බව ඩේලි මිර්ර් වාර්තා කර සිටින ලදී. (11.09)
නැවත පෙරවරු 11.33ට පොලිස් දෙපාර්තමේන්තුව විසින්  පැවැත්වෙමින් තිඛෙන ආරක්ෂක බලකායන් විසින් සිදුකරන ආරක්ෂක මෙහෙයුම් විහිලුවකට නොගන්නා ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන බවට ප්‍රවෘත්තියක පළවිය. Image13
මහජනයාගේ කාලය අපතේ – විදේශිකයන්ට බාධා

යම් කිසි අනාරක්ෂත සිදුවීමක්  කටුනායක අයෝජන කලාපයේ  සිදුවූ අතර එය පරික්ෂාකර තහවුරු කර ගැනීමට පෙර මාධ්‍ය විසින් අනවශ්‍ය ප්‍රචාරයක් දීම මගින් ජනතාවට විශාල කරදරයක් විදින්නට සිදුවිය. ගුවන්තොටුපළට පැමිණෙන්ට සිටි විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය බියවැද්දීමකට ලක්විය. ගුවන්තොටුපළට පැමිණෙමින් සිටි විදේශිකයන්ට සෑහෙන දුරක්  සිය ගමන් මලු  රැගෙන පයින් යාමට සිදුවිය.