ආරාබියේ “ගිර්ගන් ” බෙර වාදකයින්.

0
303

IMG-20160629-WA0002

මුස්ලිම්වරුන්ගේ උපවාස කාලය වූ නොම්බි මාසයේ ඔවුන්ගේ සඳ දින දර්ශකය අනුව මළාන් මාසය උපවාස රැකිය යුතු මාසයක් වේ. සෞදි ආරාබියේ හාපුෆ් නගරයේ ජුඹා ප්‍රදේශයේ සඳ දින 15 හා 20 යන දිනයන්හි මෙම බෙර වාදකයින් නිවෙස් පාසා මෙම බෙර වාදනය කිරීම පසුගිය වසරේ මා හට දක්නට හැකිවිය.

මෙසේ වාදකයින් හට නිවැස් හිමියන් විසින් මුදල් පරිත්‍යාග කිරීම සිදුවේ. මෙම කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් මෙහි තතු ලබා ගැනීමේදී ඔහු පැවසුවේ මෙය පාරම්පරික සංස්කෘතික අංගයක් ලෙස පැවතුනත් අද නූථන සමාජයෙන් මෙම බෙර වාදනය හා නෝම්බි රාමළාන් මාසයේදී එලෙස ගමන් කිරීම ඉතා සුළු පිරිසක් පවත්වන බවයි. මෙම ගමන් කිරීම “යම්ෂි” ලෙස අරාබියෙන් හදුන්වනු ලබයි. (පාගමන ලෙස හදුන්වමු.).

ශ්‍රීලාංකික මුස්ලිම් සමාජයේද මෙම විරිදු බෙර වාදකයින් ගමන් කිරීම දශක 3කට පමණ පෙර දක්නට හැකි විය. එම නඩය කම්ෂි ලෙස හදුන්වනු ලැබූ අතර බයිතු බාවා ලෙසද හැදින්විය. රාත්‍රී කාලයේදී උපවාසය ආරම්භ කිරීමට පෙර ආහාර ගත යුතු වේලාවේ නින්දේ සිටින්නන් අවදි කිරීමට මෙම බාවා වරුන් බෙර වාදනය කරමින් සෑම නිසක් පාසාම ගමන් කිරීම දක්නට හැකි විය. අදත් බේරුවල, වැලිගම වැනි ප1දේශයන් වල මෙම බාවා වරුන් දක්නය පුළුවන.

 

ඡායා හා සටහන – M.S.S. මුනීර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here