” ආරාබිවරුන් මීගමුවේ සිටි මුක්කුවරුන්ගේ කාන්තාවන් විවාහ කර ගත්තෝය”..

0
409

මීගමුවේ ජිවත් වන මුස්ලිම් සමාජය පිළිබද තොරතුරු   (1 )

මීගමුව බස්නාහිර පළාතේ, ගම්පහා දිස්ත්‍රිකයේ පිහිටි අලංකාර  නගරයකි.
උතුරේ මා  ඔය ගංගාවද දකුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලද බස්නාහිර පළාතේ ඉන්දියන් සාගරයද ,නැගෙනහිරට කටාන ප්‍රදේශයද මායිම් ලෙස විශේෂයෙන් සදහන් කරන්න පිළිවන්ය.
මීගමුවේ  මුස්ලිම්වරු බහුලව ජිවත්විමට ඉතිහාසගත කරුණු බොහෝ ඇත. මුස්ලිම්වරු   මීගමුව තෝරාගන්නාවු හේතු සාධක ගැනද දැනගැනීම  කාලීනව මතුවන අවශ්‍යතාවයකි.
මීගමුව මුස්ලිම්වරුන්ගේ පෙර පරම්පරාවන්ට මුල් වෙන්නේ  අරාබිවරුන්ය.

මුහම්මද් තුමා ඉපදෙන්නත් පෙර  ආදි කාලයේ සිට ආරාබිවරු වෙළදාම් පිණිස ලංකාව සමගත් සම්බන්ධකම් පවත්වාගෙන සිටි බව පැවසේ. එම වකවානුවේ සිටම මීගමු තොටුපොළ ආරාබිවරු භාවිතා කර ඇත. තොටුපොළ සිට ස්වාභාවික සුවද ඇති කුලු බඩු, එනසහල් ,කරාබුනැටි, කුරුදු, වැනිලා, සාදික්කා, හන්දුන් ගම්මිරිස් වනාහි රසකාරක හා මුතු මැණික්,
ඇත් දළ රතු කැට ආදිය ගෙනගිය බව්ව පුවත් ඇත. තවද මීගමු මුහුදේ රතු වර්ණ ගල් පර බහුලව තිබුණු බවටද කියවේ. මෙවැනි තොටුපොළවල් එකල ව්‍යාපාරික භාණ්ඩ පවා හුවමාරු කරගන්නා ආර්ථික පොදු මධ්‍යස්ථාන වගේ පැවති තියෙන වගක් මුතුන් මිත්තෝ පවසති.

Negombo_02ඉහත කී පුවත් වලට ආදාළව  තව සත්‍යක් තිබේ. ආරාබිවරු මස් මාංශ වර්ග දිගුකල් තබා ගැනිමට හැකි විදියේ පදම් කර තබාගන්න මේ රට කුලුබඩු , රසකාරක ප්‍රයොජනයට ගන්නා සැටිද දැන සිටියෝය.
එපමණක් නොවේ සත වර්ෂ හය වන විට මිගමු තොටුපොළෙහි ආරාබිවරුන්ගේ ජනාවාස තිබීම ගැන ඉතිහසයක් ඇත. ඔවුන් තමන්ගේ රුවල් නැව් වාරකන් කාලයේ මීගමු තොටුපොළේ නවතා තබා වාසස්ථාන තනාගත්තේ සැතපුම් හතරක් දුරින් මහඔය ගං තීරයේ, මෝය කට ප්‍රදේශවල හා කලපුව අසල වගේ ස්ථානවලය. මෙහි නිකම් සිටීමට අරාබි මුස්ලිම්වරු කෙමති වුණේ නැත.
ඉහත කී පුවත් වලට ආදාල තව සත්‍යක් තිබේ. ආරාබිවරු මස් මාංශ  වර්ග දිගුකල් තබා ගැනිමට හැකි විධියේ පදම් කර තබාගන්න මේ රට කුලුබඩු , රසකාරක ප්‍රයොජනයට ගන්නා සැටිද දැන සිටියෝය.   එපමණක් නොවේ සත වර්ෂ හය වන විට මිගමු තොටුපොළෙහි ආරාබිවරුන්ගේ
ජනාවාස තිබීම ගැන ඉතිහසයක් ඇත. ඔවුන් තමන්ගේ රුවල් නැව් වාරකන් කාලයේ මීගමු තොටුපොළේ නවතා තබා වාසස්ථාන තනාගත්තේ සැතපුම් හතරක් දුරින් මහඔය ගං  තීරයේ, මෝය කට ආශ්‍රිත  ප්‍රදේශවල හා කලපුව අසල වගේ ස්ථානවලය. මෙහි නිකම් සිටීමට අරාබි මුස්ලිම්වරු කැමති වුණේ නැත.  නැව් තැනිමේ තාක්ෂණය හා අලුත් වැඩියා කිරීමේන් දක්ෂ අරාබි මුස්ලිම්වරු විශාල කම්හළක් ඉදිකළහ. තමන්ගේ වරිගයෝ ඉන්දියාවේත් කොච්චි ප්‍රදේයේද දකුණු ඉන්දියා ඇතුලු නොයෙක් මුහුහු බඩ ප්‍රදේශවල ජනාවාස ඉදිකරමින් වාසය කර ඇත. මීගමුවේ පදිංචි අරාබිවරු ඉන්දියාවේ කොච්චින් ප්‍රදේශ වැඩ කළ හැකි කම්කරුවන් රෑස් කරගෙන  මීගමුවට ගෙන ආහ. අනතුරුව පසුවට මලයාලි මුස්ලිම්වරු පමණ නොව දකුණු ඉන්දියානු මුස්ලිම්වරු සමග දමිළ අයද මෙහාට ගෙන්වුහ. මේ සියලු දෙනා යොදාගෙන නැව් තැනිම සම්බන්ද වු සියලුම කර්මාන්ත පුරයක් තනාගෙන පදිංචි  වුණේ කම්මල්තුරෙයි යන ප්‍රදේශයේයි.
මේ වගේ තමයි මෙහෙ වාසය කළ අරාබිවරු මීගමු වේ පදිංචි වු මුක්කුවරුන්ගේ ගැහැණුන් විවාහ කරගත් පුවතකුත් තිබේ.
අරාබි මුස්ලිම්වරු, කොච්චි (මලයාලි ) මුස්ලිම්වරු, ඉන්දියානු මුස්ලිම්වරු කම්මල්තුරෙයි ප්‍රදේශයෙන් තමයි මීගමුවේ මුස්ලිම්වරුන්ගේ වාසය  පටන්ගෙන ඇත්තේ.
මේ මලයාල (කොච්චි) මිනිස්සු ධීවර කර්මාන්තයද දක්ෂ ලෙසින් කරගෙන තම කර්මාන්තවලට අත හිත දෙමින් දියුණු වුහ.

මේ  මුස්ලිම්වරුන්ට  ඔරු, පාරු , තෙප්පම් , නැව් සෑදීමටද අරාබිවරු පුහුණුව දී ඇත. මේවා සාදා දීමේදී  ඒවා කර්මාන්තය දියුණුවට භවිතා වී ඇති සේම ව්‍යාපාරයක් ලෙසද ස්ථාවරයක් ලබා ඇත.  ඒ වාගේම කම්මල් තුරෙයි ළගම   පාරු තොටුපළකුත් තිබි ඇත.
එය කල්යද්දි පාරුතොට ‘පොරු තොට’ යනුවෙන් වෙනස් වී අදත් ඒ වගේම ව්‍යවහාර වේ.
මේ අය අතරේ ඔරු තනි කදෙන්  කැනීම් කරන අයත් සිටියෝය. ඔව්හු මේ තොටුපොළ හරහා නැව්, පාරු,ඔරු වෙරළට ඇදගෙන ඇවිත් අලුත් වැඩියා කිරිම්ද  කළ අතර  මුහුදේ තබාගෙන අලුත් වැඩියා කරන කටයුතුද  සමහරවිට අවස්ථානුකුලව කර තිබේ.
අද මේ මුස්ලිම්වරු මේ කර්මාන්තය නොකළාට පෝරුතොට යන නම පමණක් ඉකිරිම තුළ ඇත්තේ  අපේ සෙවිල්ලට සාක්ෂියකි.

පෝරුතොට ජුම්මා මුස්ලිම් පල්ලිය
පෝරුතොට ජුම්මා මුස්ලිම් පල්ලිය

මේ ඔරු පාරු සෑදීම් වැනි කර්මාන්තයට ඕන කරන ලෑලි, කදන් ගස්, මේ ප්‍රදේශයනුත් අතින් ප්‍රදේශවලිනුත් ගෙන්වා ගත්හ. මේ වගේ ගස්, කදන් ලෑලි ද වෙළද භාණ්ඩද හුවමාරු කිරිමට මුහුදු, ඇල, ගංගා වැනි දිය මාර්ග ශොභාවෙන්ම පහසු  වී තිබිණ. මේ අය ඔරු පාරු , තෙප්පම්, නැව්, සෑදීමට ඇණ ගසා සවි කිරිමට වඩා කොහු ලණු උචිත වන තාක්ෂණය ආරබි මුස්ලිම්වරුන් හොදින්  හැටි දැන සිටියහ. ලුණු වතුරට ගස් කදන් ලෑලි පෙගී මහත්වන විටත්  ඔරුත්තු දිය හැකි වන්නේ කොහු ලණුවලටය.
මා  ඔය ගංගා මුහුදට මුසුවන මෝයකට ප්‍රදේශයේ හා කලපු ප්‍රදේශයේ ඉතා සාරවත් පොල් ගස් තිබිණ. (මෙම ප්‍රදේශයමයි අරාබිවරු රුවල් නැව නවතා තැබිමෙන් පසු වාසස්ථාන තනාගන්න තෝරාගෙන ඇති  බව මතක් කරමි.) මෙහි පොල් කදන් ඉරිම , කොහු ලණු සැදිම, ලෑලි ඉරිම  වැනි නිෂ්පාදන වැඩිවිය.
මේ කරුණු නිසා මේ ප්‍රදේශය පලගතුරේ යන නම් දරයි.    ‘පලග’ යාන කතා ව්‍යවහාර පදය දෙමළෙන්  ‘ලෑලි’ යන අරුතය ගෙන දෙයි.
තොට යන පදය දමිළෙන් ‘තුරෙයි’ යනුවෙන් කියති. ඒසේ වු නමුත් සිංහලෙන් ‘පලගතුරේ’ යනුවෙන් සදහන් කරනු ඇත.

සටහන :
අමතුර් රහීම්
IMG_5185