ආරියවතීගේ හූව ශ්‍රියානිටත් ! ගෝඨා ලගට ගිය අයට හු විතරමයි !

0
597
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කන්තලේ නගරයේ පැවති ජන රැළියකදීශ්‍රීලනිප ත්‍රීකුණාමල දිස්ත්‍රික් නායිකා,  නැගෙනහිර පළාත් සභාවේ  හිටපු ඇමැතිවරියක වන ආරියවතී ගලප්පත්තිට ද පොහොට්ටුවේ අධාරකරුවන් හු තැබීය.

හූ තැබීම හමුවේ සිය කතාව අතර මගදී නතර කර දැමීමට ඇයට සිදුවූ අතර පසුව හු තැබීම අවසන් වූ පසු නැවත කතාවට ආරාධනා කළද ඇය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය.

මෙසේ ‘පොහොට්ටු’ රැස්වීම්වලට සහභාගිවන ශ්‍රීලනිප නායකයින්ට ‘හූ’ කියමින් දිගින් දිගටම පරිභව කිරීම නිසා, ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීම සඳහා ‘පොහොට්ටු’ වේදිකාවට ගොඩ නොවීමට මේවනවිට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.Screenshot from 2019-10-30 10-47-26Screenshot from 2019-10-30 10-47-43Screenshot from 2019-10-30 10-47-50
මේ අතර ඊයේ පැවැති පොහොට්ටු රැස්විමකදි ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිණි ශ්‍රියාණි විජේවික්‍රම  කථාව කරගෙන යැමට නොහැකි තරමේ හූවක් රැස්ව සිටි ජනයාගෙන් මතුවිය. එය පාලනය කිරිම සදහා භික්ෂුවක්ද ඇතුළු තවත් අය උත්සාහ කළද එය  අසාර්ථක විය.