රෂ්මි නවෝදා දේවින්දි /
1480 දි උඩුගම්පල රජ කළ සකල කලා වල්ලභ රජතුමා මේ අවට ප්‍රදේශ වල වැව් කිහිපයක් ඉදිකර ඇත.
ඒවා ලෙස ගුරු මැදුර , පෙතියාගොඩ, මාබෝදල, දිවුලපිටිය, සහ ඵස්සැල්ල වැව් සොයාගෙන ඇත.
සකල කලා වල්ලභ රජු වාසය කළ උඩුගම්පල රාජධානියට අයත් පැරණි ස්මාරක අතර මෙම සුවිසල් පොකුණ විශිෂ්ට ඉදිකිරිමක් වශයෙන් සැලකිය හැකිය.
කොට්ටේ යුගයේදි ප්‍රාදේශිය රාජධානියක් වශයෙන් පැවති උඩුගම්පල හා තදාශ්‍රිත ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක වලින් අනාවරණයවේ. (“රාජාවලිය හා අලකේශ්වර යුද්ධය ” )
කෝට්ටේ රජ කළ අට වන විරපරාක්‍රමබාහු රජුගේ (1484 -1505)
පුතුන් අතරින් වැඩිමහල් කුමාරයා ධර්ම පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රාජධානියට පත් වු අතර තනියවල්ලභකුමාරයා මාදමම්පේ නුවරද සකලකලා වල්ලභ කුමරු උඩුගමිපල විසුහ.
උඩුගම්පල විහාරස්ථානය පිහිටි “මාළිගා ගොඩැල්ල ” නැමති ස්ථානය සකලකලා වල්ලභ රජුගේ මාළිගාව පිහිටි ස්ථානය ලෙස ද සැලකේ.
ඒම ස්ථානයෙන් මදක් ඈතින් රජතුමාගේ දියනාන පොකුණ පිහිටා ඇති බව සදහන් වේ.
ඉංග්‍රීසි Lඅකුරේ හැඩයට ඉදිකර ඇති මෙම පොකුණේ ඇතුළත භුමි ප්‍රමාණය වගී අඩි 25-805 ක පරිසරයකින් යුක්තය. මෙහි පතුලේ සිට ඉහලට කෙටි පැන්නුම් සහිතව පිටට නෙරා යන අයුරින් කබොක් ගලින් කරපු ඉවුරු දැකිය හැකිය.
පොකුණ ඉදිකිරිමට ගෙන ඇති කබොක් ගල්, දිග පළල අනුව විවිධ ප්‍රමාණයෙන් යුක්ත වුව ද ඒවා මනා ලෙස සකස් කරගෙන ඇත. මිටර් 122 ක් පමණ උතුරු දකුණු දිශානුගතව විහිදෙන ඉවුර ඉදිකිරිම සදහා කබොක් ගල් භාවිතා කළ බවට සාක්ෂි හමු නොවන අතර දකුණු නැගෙනහිර කවුලු ආශ්‍රිතව කබොක් ගල් කුට්ටි භාවිතා කර විධිමත් පරිදි බැමි ඉදිකර තිබේ.
පෘතුග්‍රීසි , ලන්දේසි ආක්‍රමණ නිසා පරිහානියට පත් උඩුගම්පල අතිත ශ්‍රී විභුතිය නැවත් ගෙන හැරපෑමට මුලිකත්වය ගෙන කටයුතු කළ බස්නාහිර පළාත් ගරු මහාඇමති ප්‍රසන්න රණතුංග මහතාය.
එය දැන් ඉතා අලංකාර පොකුණක් හා මිනිස්සුන්ට ව්‍යායම මංතිරු සකස් කර සිසුන්ට අධ්‍යාපනික තොරතුරු දැන ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර කාර්යාලය ඉදිකර ඇත.
මෙම ඓතිහාසික පොකුණ රැක ගැනිම අප සියලු දෙනාගේ වගකිමකි.
ඡායාරෑප – සොනාලි මධුෂාණි