ඇඩ්ඩ්‍රස් නැතිවුන එජාප සංවිධායකයා ????(විඩියෝ)

0
49

එජාප නාගරික මන්ත්‍රි නිව්මන් ප්‍රනාන්දු

එජාපය අද වැටි ඇත්තේ ඉතාමත් අසිරු තැනකටය. එතනින් පක්ෂය ගොඩගැනිමේදි ආසන මට්ටමේ සංවිධාකයන් හට පැවරෙන වගකිම අතිමහත්ය.
ඉනුත් විශේෂයෙන්ම එජාප බලකොටු ලෙසින් ප්‍රචලිත ආසන තවදුරටත් අමාරුවෙන් හෝ රැක ගනමින් ඒවායේ බලය තවදුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරිම මෙහිලා ඉතාමත් වැදගත් වේ.

තතු එසේව තිබියදි ඇතැම් ආසනවල එජාප සංවිධාකයන් තම පුද්ගලකි වාසි තකා පොහාට්ටුව හා එක්ව පක්ෂයේ බලය දිය කර හරිමින් තිබේ.



මිගමුවේදි තත්වය තවත් දරුණු වි ඇත්තේ මිගමුව එජාප සංවිධාකය බෙන්ජමින් ප්‍රනාන්දු පසුගිය දිනක ආණ්ඩුපක්ෂයේ අයවැයට සහය පළකලා පමණක් නොව පළාත් පාලන නීති රෙගුලාසි වලටද නිගා දෙමින් අයවැයට එරෙහිව තම එජාප මන්ත්‍රි සගයන් මෙන්ම මිගමුවේ තත්වය ගැන ඇත්ත හෙළිදරව් කරන මාධ්‍යයට මඩ අවලාද නගමින් එම මාධ්‍යයට එරෙහිව මහජන බදු මුදල් යොදාගෙන නඩු කියන්නට අවැසි යැයි යෝජනාවක් පවා ගෙන ඒම නිසාය.

ඔහු මේ යෝජනාවෙන් යළිත් වරක් උඩගෙඩි දෙන්නේ යහපාලන රජය සමයේ මහදවල් නගර සභා භුමියක් තුල මාධ්‍යවේදියෙකුට පහර දිමට සැලසුම් කළ ඒ වෙනුවෙන් කොන්ත්‍රාත් ලබා දුන් නගරාධිපති වරයෙකු හටය.

මේ ගැන තියුණු විවේචනයක් මිගමුවේ ඇතැම් නගාරික මන්ත්‍රිවරුන් විසින් දැනටමත් එල්ල කොට තිබේ.
එජාපයේ නිව්මන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා මිපුර වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ කරුණු අගේට පැහැදිලි කර තිබුණි