ඇත්තටම ඔබේ සිරුරේ විශ හරණය කරන්න පුළුවන්ද?

0
157

detox

detox1

මේ දිනවල අන්තර්ජාලය පුරා කැරකෙන සිරුරේ විශ හරණය කරන පානයන් හා සිරුරේ බර අඩු කරන පානයන් සම්බන්දයෙන් දේවල් වල ඇත්ත නැත්ත සෙවීමට අපි තීරණය කලෙමු. ඒ ඔස්සේ අපට හමුවූ ලිපි ඇසුරින් මේ ලිපිය සැකසී ඇත.

ඔබගේ කාර්‍යබහුල ජීවන රටාව හා මත්පැන් භාවිතය නිසා  ඔබගේ ශරීරයට ඇතුළු වන හා ශරීරයෙන් නිපදවෙන විශ ද්‍රව්‍ය ඉවත් කිරීමට එළවළු,පළතුරු හො වෙනත් දේ කිහිපයකට හෝ නිරූපන ශිල්පිනියකට පුළුවන් වේ දැයි උභතෝකෝටික ප්‍රශ්ණයකි.නමුත් ඔබගේ ඉන්ද්‍රීයන් මගින් නිපදවෙන විශ ද්‍රව්‍ය හා ඔබ ලබා ගන්නා ආහාර මගින් ඇතුළු වන විශ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් වෙනත් කිිසයම් හෝ දෙයකට ඇත යැයි පැවසීම වෛද්‍යවිද්‍යාත්මකම පුස්සකි.

Exeter  විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යවරයෙකු වන Edzard Ernst මහතා පවසන පරිදි ප්‍රධාන වශයෙන් විශහරණය කල හැකි ආකාර දෙකක් ඇත.ඉන් එක් ක්‍රමයක් යොදා ගන්නේ ඖෂධ වලට ඇබ්බැහි වීම නිසා හා ඖෂධ විශ වීම නිසා ඇති වන ජීවිත අවදානම් තත්වයන් සම්බන්දයෙන් ප්‍රතිකාර කිරීමටයි. ඉන් අනෙක් ක්‍රමය යොදා ගන්නේ වෙළදුන් විසින් තමන්ගේ නිශ්පාදන භාණ්ඩයන් විකුණා ගැනීමටයි.

ඔහු තවදුරටත් පවසන්නේ අපගේ ශරීරයෙන් එහි ඉන්ද්‍රීයන් මගින් බැහැර කරගත නොහැකි විශ ද්‍රව්‍යයන් ශරීරයෙන් නිපදවන්නේ නම් මේ වන විට සියළු දෙනාම මිය ගොස් හෝ වඩාත් බරපතල රෝගී තතවයකින් පෙලිය යුතු බවයි.නමු මේ වන තෙක් එවැනි කිසිදු සිදුවීමක් වාර්ථා වී නැති බවත් ඔහු මතක් කර දෙනවා.සිරුර මගින් නිපදවන හා සිරුරට ඇතුළු වන විශ ද්‍රව්‍යයන් ඉවත් කිරීමේ කාර්‍ය ඉටු කිරීම සදහා අපගේ සිරුරේ වකුගඩු යුවලක්,අක්මාවක්,පෙනහළු යුවලක් හා සම ඇති බව ඔහු පවසනවා.එම ඉන්ද්‍රීයන්ගෙන් විශහරණය සිදුකරන ප්‍රමාණය ඉටු කිරීමට සමත් විශහරණ ප්‍රතිකාරයක් මේ වන තෙක් සොයාගෙන නැති බවත් ඔු වැඩි දුරටත් පවසනවා.

එලෙසම වැඩිදුරටත් ඔහුගේ අදහස වන්නේ මෙලෙස විශහරණයන් සිදුකරනවා යැයි කියන නිශ්පාදන හෝ පානයන් නිසා ශරීරයෙන් ඉවත් වන්නේ කුමන විශ වර්ගයද යන්න වෙන් වෙන්ව දැක්වීමටවත් එම වෙලදුන් අපොහොසත් බවයි.අවම වශයෙන් එය කිරීමට හෝ දැනුමක් වෛද්‍යවිද්‍යාව සම්බන්දයෙන් ඔවුන් සතුනම් මේ ව්‍යාපාරික ප්‍රෙයා්ගය යම් දුරකට හෝ විශ්වාස කිරීමට හැකියාවක් පැවති බවත් ඔහු පවසනවා.

කෙසේ හෝ විවිධ පානයන් හා නිශ්පාදයන් මගින් කිසි සේත් සිරුරේ විශහරණයක් සිදු කල නොහැකි බවත් එලෙස සිදුවන්නාවු වෙළද ප්‍රචාරයන්ට හසු නොවන ලෙසත් අවසාන වශයෙන් ඔහු පවසනවා.