ඇත්තටම පිස්සු කාටද ????

0
75

එක රටක් එක නීතියක් යැයි ආණ්ඩුවේ හොරනෑ බලවේග විසින්ම පසුගිය කාලය තුල තොරොම්බල් කළ සටන් පාඨ දැන් ඒවායේ අයිතිකරුවන්ටම පාරාවලල්ලක් වෙමින් තිබේ.

එක රටක් නීති ගොඩක් !

අද ඇත්තට කියයුත්තේ එක රටක් නීති ගොඩක් යනුවෙනි.
මේ රජයේ ඇත්තම තත්වය මෑතදි වඩාත් හෙළිදරව්වු සිදුවිම වි ඇත්තේ යුක්රේන සංචාරක නාඩගමයි.
එහි සමස්තය ඉතා හොදින් නිරික්ෂණය කිරිමේදි හෙට දවසේ රටට සිදුවිය හැකිව ඇත්තේ කුමන තත්වයක්ද යන්න ගැන අදහස් වඩාත් නිවරදිව ලබාගත හැකි වනු ඇත
මේ අතර ඊයේ දිනයේ රාජ්‍ය ඇමති නිමල් ලංසා විසින් සංචාරකයන් පොදු නිරෝධායන නිතිවලට පිටින් කටයුතු කළ යුතු බවට තර්ක කරමින් පාර්ලිමේන්තුවේදි සිදුකරන්නට යෙදුන පිස්සු කතාව මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර ලැබෙමින් පවති.
එක් කරුණක් දැන් පැහැදිලිය. එනම් රාජ්‍ය ඇමති නිමල් ලංසා යනු මේ රජයේ නවමතම කුණු අපුල්ලාන බවය.

අලුත් කුණු අපුල්ලන්නෙක්

නිමල් ලංසාලාගේ තියරිය අනුව රටේ ජනතාවට ඇත්තේ එදා ජේ.ආර් ජයවර්ධන කියු පරිදි තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසාගැනිමය.
මන්ද රජය කටයුතුකරමින් සිටින්නේ රටේ ආරක්ෂාවද ජනතාවගේ ආරක්ෂාවද බල්ලාට දමා නිසා බැවිනි.

පසුගිය මාර්තු මාසයේදි විදෙස්ගතව සිට ලංකාවට පැමිණෙන ශ්‍රිලංකික ශ්‍රමිකයන්ට වත්තල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිමට රජය කටයුතු කරගෙන යමින් සිටියදි මානප වාසිය වෙනුවෙන් වත්තල ජනයාවද කුලප්පු කොට දේශපාලන නායකත්වයක් ඊට දෙමින් කටයුතු කළ නිමල් ලංසා අද කියා සිටින්නේ කුමක්ද ?
නිරෝධායන නොකර වුවත් විදේශිකයන් රට ගෙන්වා ගත යුතු බව නොවේද ?

ඇත්තටම පිස්සු කාටද

ලංකාවට පැමිණෙන විදේශික සංචාරකයන්ට නිරෝධායන විමට තරම් පිස්සුවක් නැතැයි ඔහු ඊයේ ප්‍රසිද්ධියේම කියා සිටියේ මහජන නියෝජිතයන් ඉදිරිපිටදිය.
දෙවන කොරෝනා රැල්ල මෙරටට කැදවාගෙන ආවේ යුක්රේන එක් ගුවන් නියමුවෙකු විසින් යැයි එදා පාර්ලිමේන්තුවේදි කියා සිටි කොරෝනා ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ නිමල් ලංසාගේ මේ ප්‍රකාශය ගැන දක්වන්නේ කිනම් ප්‍රතිචාරයක්ද ?