ඇත්ත කියන්නේ කව්ද ? මත්‍යස්‍ය සම්පතට හානි වෙලාද? නැද්ද ?

0
49

ලංකාවේ මත්ස්‍ය සම්පත විනාශ වන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් නොව ආණ්ඩුව විසින් රට වටේම මුහුදට හරවා ඇති කුණු කානු පද්ධතිය නිසා යැයි ධිවර සංගම් නියෝජිතයෝ චෝදනා කරති.    සමස්ත ලංකා ධිවර ජනතා වෘත්තීය සංගමේ සභාපති අරුණ රොෂාන්ත කියා සිටියේ කැළණි ගඟට, දඩුගම් ඔයට, මුතුරාජ වෙළට හරවා ඇති කුණු කානු පද්ධති ඇතුළු රටපුරා ඇති කානු පද්ධති වල සියලු අපද්‍රව්‍ය වැටෙනුයේ මුහුදට වුවත් ඊට පිළියම් යෙදීමට ආණ්ඩුව අසමත් බවය.   සිංගප්පුරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ඇතුල්වීම සඳහා ආසන්න මුහුදේ  නැංගුරම් ලා තිබියදී ඉකුත් ජූනි මාසයේ දිනෙක ගිණි බත් විය.  
theleader.lk

ඒ ආසන්න දිනෙක ‘මීගමුව පුරවැසි එකමුතුව’ නිවේදනයක් මගින් කියා සිටියේ නැවේ ප්‍රවාහනය කරමින් තිබු බහලුම් වල පරිසරයට මිනිස් ජිවිතයට මෙන්ම සාගර ජීවීන්ට මත්ස්‍යන්ට හා ජලජ ශාක වලට අතිශයින්ම අහිතකර අම්ල, රසායනික ද්‍රව්‍ය සහ ගින්නෙන් දැවී ගිය විවිධ කොටස් මුහුදට එක්වීම නිසා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් පාරසරික විනාශයක් සිදුවෙමින් පවතින බවට සිය සංවිධානය  තහවුරු කරන බවය.     
theleader.lk

‘මාධ්‍ය කියන විදිහට පර්ල් නැවෙන් රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වුනා නම් මිය ගිය මසුන් දහස් ගණනින් මිගමුව හලාවත වෙරළ තීරයට ගොඩ ගහන්න ඕනෑ,” යයි කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ජුලි 21 පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අරුණ රොෂාන්ත කියා සිටියේය.    
theleader.lk

  “කැස්බෑවන් බොහෝ විට  ලෙස මිය යන්නේ ධීවරයන් විසින් එළන දැල් වලට හසුවිමෙන් වගේම වාරකන් සමයේ  මිය යන කැස්බෑවුන් වෙරළට ගොඩ ගැසීමෙන්. එසේ නොමැතිව  රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කැස්බෑවුන් මිය යනවායි  ධීවරයෙක් විදිහට මම  විශ්වාස කරන්නෙ නැහැ. පර්ල් නැවෙන් රසායනික  ද්‍රව්‍ය ආවට වඩා  ආණ්ඩුව විසින් රසානික ද්‍රව්‍ය මුහුදට එක් කරලා තියෙනවා,” යි  ධීවර නායකයා පැවසීය.  
theleader.lk

  පෝර්ට් සිටි ඉදි කිරීමෙන් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත් වීමෙන් ද වඩාත් පිඩාවට පත් වුයේ මෙරට ලක්ෂ 2 කට වඩා සිටින ධීවර ප්‍රජාව අතරින් සුළු පන්න ධීවරයා බව සඳහන් කරන ධිවර සංගම් සභාපති අරුණ රොෂාන්ත චෝදනා කරන්නේ සුළු පන්න ධීවරයා ගැන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවය.
මේ අතර ධිවර සමාජ ක්‍රියාකාරිකයෙකු වන විජේන්ද්‍රන් සිය ෆේස් බුක්පිටුවේ සටහනක් තබමින් නැව නිසා මුහුදු මසුන් මිය නොගිය බවට අරුණ කියන කරුණ සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කොට තිබේ.
theleader.lk

බලන්න, මේ මිනිහා කියන පට්ට පල් බොරු තොගය. ඉතාම කෙටි කාලයක් තුළ දී,ලංකා ඉතිහාසයේ කවදා ද මේ තරම් කැස්බෑවෝ තොගයක් මැරි මැරී ගොඩ ගෑහැව්වේ?.

ඩොල්‌‌ෆින් ලා එක පෙලට මැරි මැරී දවස ගානේ වෙරළ ට පා වී ආවේ මොන වාරකන් කාලයේද?, සමහරක් තල්මසුන් වර්ග මැරුනෙත් වාරකන් කුණාටුවට අහු වෙලා ද?අනේ මෙහෙමත් වාහේල….?

මෙව්වෝ ගොඩ හේවාලා ගේ ගොඩේම තමා….”කූරල්ලා” මාලු වාට එලන දැල් වලට කැස්බෑවෝ අහු වෙලා මැරෙන වලූ. නැව ගිනි ගත්ත කාල සීමාවේදී මොන ‌ධීවරයද කූරල්ලන්ට දැල් තියන්න මුහුදූ ගියේ.අනික කොළඹ, මීගමුව, අතර කොයි තරම් බෝට්ටු ප්‍රමණයක් ඔය කුරල්ලා මාලු දැල් මුහුදේ එලන වද? කියා දන්නවද?

එහෙම නම් ඔය තරම් කැස්බෑවෝ මැරෙනවා නම් ඔය දැල් මුහුදට දාන්න‌‌‌ ධීවර දෙපාර්තමේන්තුව අවසරය දෙයිද? දැලක් තියා දැල් ඇහැක් වත් මුහුදේ එලන එකෙක් යැ.තව කියනවා, බැටලු ලෝම ලු දැල් වලට පැටලි ලා තියෙන්නේ. විනාශ වෙච්ච එක දැලක් වත් අතින් අල්ලලා බලලාද ඔය කතා කරන්නේ.ධීවර ඇමති ලාගේ කතා,ගණන් හිලව් සාධරණීය කරමින් ,සමස්ත කියා නමකින් රටත්, ධීවරයාත්, මුලාවේ දමන මොවුනට හෙට අනිද්දා මඅපෙන් පිළිතුරු!!!!!