ඇතැම් මාධ්‍ය හිරිකිතයකින් තොරව කැඩු කොවිඩ් 19 පිළිබදව ප්‍රවෘත්ති වාර්තාකරණ නිර්දේශ මෙන්න ..

0
170

PHI-diasanayake-

කොවිඩ් 19 පිළිබදව ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාල ජනමාධ්‍ය අමාත්‍යංශය , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,සහ සෞඛ්‍ය හා දේශිය සෞඛ්‍ය සේවා අමාත්‍යංශය විසින් ඉතා පැහැදිලි ලෙස නිර්දේශ මාලාවක් නිකුත් කොට තිබේ.

මුල් කොරෝනා රැල්ල තුලදි මාධ්‍ය ආයතන විසින් මෙම නිර්දේශ පිලිබදව අවධානය යොමුකළ බවක් එතරම් නොපෙනුනද පසුව බොහොමයක් මාධ්‍ය මෙයට ගරු කරමින් එකි නිර්දේශ කඩවන අන්දමේ පුවත් වාර්තාකරණයක නොයෙදිමට කටයුතු කර තිබුණි.
එහෙත් යළිත් වරක් මෙම නිර්දේශවලට එරෙහිව යමින් ඇතැම් වෙබ් අඩවි කටයුුතු කරන්නට පටන් ගෙන තිබේ.

මෙයට අදාල මෑතම සිදුවිම වන්නේ බණ්ඩාරවෙල ටෙලි නාට්‍ය රූගත කිරිමකට ගොස් සිටි කලාශිල්පින්ට මුහුණ දිමට සිදුව තිබුන තත්වයයි.
බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක විසින් නිරෝධායනයට යොමුකර තිබුන මේ පිරිස නැවති සිටින පුද්ගලික කාමරවලට ගිය දිසානායක නැමති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් සිදුකර තිබුන කරුණු පැහැදිලි කිරිමක් ඔහු සමගින් ගොස් සිටි  බණ්ඩාරවෙල මාධ්‍යවේදියෙකු ඔහුගේ ජංගම දුරකථනයෙන් විඩියෝ ගත කොට තිබුන අතර එය පළමුවෙන්ම සමාජ ගත කර තිබුනේ  රජයට ඉතාමත් සමිප පුවත්පතක් විසින් පවත්වාගෙන යනු වෙබ් අඩවියක් විසිනි.පසුව එ විඩියෝ වෙබ් ආචාරධර්ම ගැන කිසිදු අවධානයක් නැති වෙබ් අඩවියක් විසින් ප්‍රචාරය කර තිබුණි

අවම මාධ්‍ය සදාචාරයවත් නොදන්නා ගොසිප් අඩවි ?

මේ අනුව පෙනි යන එක් පැහැදිලි කරුණක් වන්නේ රටේ බහුතරයක් මාධ්‍ය මෙම නිර්දේශ පිළිපදමින් කටයුතු කරමින් තිබෙන පසුබිමක ඇතැම් වෙබ් අඩවිය දැන් මේ නිර්දේශ කඩකරන්නට පටන් ගෙන ඇති බවකි.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් ද මේ කරුණ පිළිබදව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිතුමන්ටද  බණ්ඩාරවෙල සිදුවිම ගැන දැනුම් දිමට කටයුතු කර ඇත

මේ ආකාරයෙන් ආචාරධර්ම විරෝධි ලෙසින් කටයුතු කරන්නට පටන්ගෙන ඇති මෙවැනි වෙබ් අඩවිය නිසා ප්‍රවෘත්ති වෙබ් මාධ්‍යකරණයේ නියැලෙන ආචාරධාර්මික වෙබ් අඩවිය වලට යම් ගැටළු මතුවිය හැකිව තිබේ.
මේ පසුබිම තුල මෙම නිර්දේශ නිකුත් කර ඇති සියළුම රාජ්‍ය ආයතන විසින් මෙසේ නිර්දේශ කඩකරන්නට පටන් ගෙන ඇති වෙබ් අඩවි සම්බන්ධයෙන් වහා මැදිහත්විය යුතුව තිබේ.

මාධ්‍ය අචාරධර්ම නොදන්නා බණ්ඩාරවෙල වාර්තාකරුවා

එමෙන්ම රටේ අතිබහුතරයක් ප්‍රාදේශිය මාධ්‍යවේදින් එක්තරා ආකාරයකට නිර්දේශ පිළිපදමින් සිටින පසුබිමක බණ්ඩාරවෙල එක්තරා ප්‍රදේශිය වාර්තාකරුවෙකු   මෙම නිර්දේශයන් උල්ලංඝනය කරමින් කලාශිල්පිණියන් නිරෝධායනේ යෙදි සිටි පුද්ගලික කාමරයක් තුලට ලොස් ජංගම දුරකථනයක්ද භාවිතා කරමින් විඩියෝ කර ඇත.
මෙවැනි එක් අයෙකුගේ විනයගත නැති මාධ්‍ය භාවිතය රටේ අතිබහුතරයක් ප්‍රාදේශිය මාධ්‍යවේදින්ටද කැළලක් ඇතිව තිබේ

විනයක් නැති වාර්තාකරුවන්ට ඉඩදිමට ගොස් වෘත්තිය අර්බුදයක් නිර්මාණය කරගත් බණ්ඩාරවෙල PHI

එමෙන්ම ජවිත අවධානම් ගෙන කොවිඩ් 19 මර්ධනය සදහා කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂකයන් අතිබුහතරයක් හමුවේ බණ්ඩාරවෙල දිසානායක නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෘත්තිය නොවන හැසිරිම මෙන්ම විනය විරෝධි ප්‍රවේශය ගැනද ආදාල බලධාරින් විසින් අවධානය යොමු කළ යුතුව තිබේ.