ඇතිවී ඇති හදිසි තත්ත්වය හමුවේ මීගමුව රෝහලට ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ලැබී නැහැ?

0
83
1(2)
ඡායාරූප –
එම්.ඉෂෙඩ් සාජහාන්

අද (ජුනි 03 )පෙරවරුවේදී මීගමුව රෝහලේ පවතින අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය  දැුන්වත්කිරීමේ සාකච්ඡාවක් පැවැත්වූ   අතර ඒ සදහා  මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරී  චම්පා අලුත්වීර මහත්මිය සහ රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් සොයිසා ඇතුළු  සහකාර ලෙකම්වරු දෙදෙනෙකු  සහභාගී වී සිටියේය. මෙහිදී රෝහලේ  පවතින අලුත්ම තත්ත්වය හමුවේදී පොලිස්පතිවරයාගෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මේ වනවිටත්  එය සිදුවී නොමැති බව මෙහිදී අවධාරණය විය. මේ වනවිට මීගමුව රෝහලේ පවතින තත්ත්වය අනුව  එහි  ආරක්ෂාව පිළිබදව  ගැටලුකාරී තත්ත්වයක්  මතුවී ඇති බව රෝහල් බලධාරීන් විසින් මතුකරන ලදී.
මේ වනවිට සියලූම රෝගීන් පරණ රෝහල් වාට්ටු වලට හා  කොරිඩෝ වලට ස්ථාන ගත කර ඇති අතර රෝගීන් අතර ද නොසන්සුන්තාවයක් ඇතිවී ඇති බව වෛද්‍ය අධිකාරීවරිය පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් රෝහලට ඉල්ලා ඇති පොලිස් ආරක්ෂාව මේවන විට ලැබී නොමැති බවද පවතින සියලූම තත්ත්වයන් හොදින් සමනය කිරීමට තමන් ගන්නා උත්සාහයේදී රජයෙන් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බවද මෙහිදී අවධාරණය කරන ලදී. රෝහලේ සේවාවවන් සැපයීම මෙන්ම රෝගීන් ඇතුලත් කරගැනීමේ ක්‍රියාවලිය යම් වෙනසක් සිදුවී ඇති නිසා රෝහලට පැමිණෙන රෝගීන අතර ද තරමක අසහනාකාරී තත්ත්වයක් ඇති විය හැකි නිසා රෝහලට විශේෂ පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය බව මෙහිදී අවධාරණය විය.
මේ වන විට රෝගීන්ගේ පැත්තෙන්ද වෛද්‍ය නිලධාරීන්ගේ පැත්තෙන්ද අසාධාරණයක් සිදුනොකර  කටයුතු පවත්වාගැනීමට තමන් උත්සාහා ගන්නා බව වෛද්‍ය අධිකාරීවරිය පැවසූ අතර තවමත් ICU ( හදිසි ප්‍රතිකාර ඒකකය) ක්‍රියාත්මක නොවන බවද පවසා සිටියාය.
එබැවින් හදිසි තත්ත්වයේ පසුවෙන රෝගීන් රාගම හා කොළඹ රෝහල් වෙත යවන්නට කටයුතු සිදුකෙරමින් තිබෙන බවත් අනෙක් සියලූම ඒකක වලට ස්ථානයක් සපයා දීමට උත්සාහා ගනිමින් සිටින බවත් මෙහිදී  වාර්තා විය.
මීගමුව රෝහලේ අලුත් තත්ත්වය පවත්වාගෙන යාම සදහා රෝහලේ සියලූම කටයුතු වෙනුවෙන් මිලියන 3ක් රජය විසින් වෙන්කර ඇති බව  වෛද්‍ය අධිකාරිවරිය විසින් පවසන ලදී.
මීගමුව රෝහල සම්බන්ධයෙන් කෙටි කාලීන, මධ්‍යම සහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රජයේ සෞඛ්‍ය බලධාරීන් වෙත බාර දී ඇතත් මෙය රජයේ අවධානයට මෙතෙක් ගෙන නොමැති වීම සම්බන්ධයෙන් කණස්සල්ල ද මෙහිදී පළකෙරිණි. මේ වනවිට මීගමුව රෝහල මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ අවධානය හා මැදිහත්වීම ප්‍රමාණවත් නොවන අතර මධ්‍යම රජයේ අවධානයට මෙය යොමුවීය යුතු බවද  රෝහල් බලධාරීන් විසින් නැවතත් අවධාරණය කරන ලදී. කෙසේ වෙතත් නව ගොඩනැගිල්ල ස්කෑන් පරීක්ෂණයක් දකවා වැඩකටයුතු ආරම්භ වීම රෝහල් පරිපාලනයත් , මාධ්‍ය ඇතුළුව  රෝහලේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කළ සියලූම දෙනා , ලබාගත් ජයග්‍රහණයක් බවද මෙහිදී අවධාරණය විය.

ඡායාරූප -  එම්.ඉෂෙඩ් සාජහාන්
ඡායාරූප –
එම්.ඉෂෙඩ් සාජහාන්

DSC07972

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here