ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් දැන් සිංහලෙන් ටයිප් කරන්න මෘදුකාංගයක් ..

0
186

android-l-vs-android-kitkatඉන්දියාවේ පවත්වාගෙන යනු ලබන ආයතනයක් වන ” Swathanthra Malayalam Computing (SMC) ” ආයතනය විසින් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉදිරිපත් කල “Indic Keyboard” නම් ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන සදහා වන මෘදුකාංගය එළිදැක්වීමෙන් හරියටම අවුරුද්දකට පමණ පසුව ඔවුන් පෙර ඉදිරිපත් කල මෘදුකාංගයම තවදුරටත් වැඩි දියුණු කර මේ වන විට එළිදක්වා තිබෙනවා. මේ මෘදුකාංගය ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ “Android Lollipop edition” හි ක්‍රියාකිරීමටයි.

එම නව මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ඉංග්‍රීසි භාෂාවද ඇතුළුව භාෂා 22ක් යතුරු ලියනය කිරීමට හැකිවන ලෙස ඉදිරිපත් වී තිබීමයි. ඒ අතරට එකිනෙකට වෙනස් අක්ෂර හැඩයන් 54ක් අයත් වීමත් විශේෂයි.මෙම මෘදුකාංගය හරහා යතුරුලියනය කල හැකි භාෂාවන් වන්නේ  Assamese,Arabic, Bengali, Burmese, English, Gujarati, Hindi, Kannada, Kashmiri, Malayalam, Manipuri, Maithili, Marathi, Mon, Nepali, Odia, Punjabi, Sanskrit, Santali, Sinhala, Tamil, Telugu, and Urdu, යන භාෂාවන්ය.  මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් ලෙස ඔවුන් දක්වන්නේ වඩාත් සංකීර්ණ අක්ෂරයන් පවා ඒ හරහා පහසුවෙන් යතුරුලියනය කල හැකිවීමයි.
මෙහි නිර්මාණකරුවන් පවසන පරිදි නව මෘදුකාංගය ඉදිරිපත් කර දින දෙකක් වන විට 20000 ක පිරිසක් මේ මෘදුකාංගය යාවත්කාලීන කරගෙන තිබෙනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ආරාබි භාෂාවයි.
global voice ඇසුරෙනි -මිතිලායා ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here