එම නව මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ඉංග්රීසි භාෂාවද ඇතුළුව භාෂා 22ක් යතුරු ලියනය කිරීමට හැකිවන ලෙස ඉදිරිපත් වී තිබීමයි. ඒ අතරට එකිනෙකට වෙනස් අක්ෂර හැඩයන් 54ක් අයත් වීමත් විශේෂයි.මෙම මෘදුකාංගය හරහා යතුරුලියනය කල හැකි භාෂාවන් වන්නේ Assamese,Arabic, Bengali, Burmese, English, Gujarati, Hindi, Kannada, Kashmiri, Malayalam, Manipuri, Maithili, Marathi, Mon, Nepali, Odia, Punjabi, Sanskrit, Santali, Sinhala, Tamil, Telugu, and Urdu, යන භාෂාවන්ය. මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් ලෙස ඔවුන් දක්වන්නේ වඩාත් සංකීර්ණ අක්ෂරයන් පවා ඒ හරහා පහසුවෙන් යතුරුලියනය කල හැකිවීමයි.
මෙහි නිර්මාණකරුවන් පවසන පරිදි නව මෘදුකාංගය ඉදිරිපත් කර දින දෙකක් වන විට 20000 ක පිරිසක් මේ මෘදුකාංගය යාවත්කාලීන කරගෙන තිබෙනවා. ඒ අතරින් වඩාත් ජනප්රිය වී ඇත්තේ ආරාබි භාෂාවයි.
global voice ඇසුරෙනි -මිතිලායා ගමගේ