ඇන්ඩෘෘ ජයමාන්න

0
207

ඔබේ වෘත්තිමය ජීවිතය ආරම්භයට පෙර පසුබිම

මම මුලින්ම පාසැල් ගියේ මගේ මවගේ ගම වුණු දළුගම පාසැලට. ඊළට දළුපොත විදුහලට. මම එකේ පස්වෙනි පන්තිය වෙනකම් උන්නා. ඊළට බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් සෙමනේරියට ගියා.

සුප්‍රකට කලාකාරයෝ නොවුණත් අපේ අම්මයි තාත්තයි, අම්මා අත්වැඩ, මැහුම් ගෙතුම් වලට දක‍ෂ කෙනෙක්. මම පොඩිකාලේ ඉඳලම එවා ඉගෙන ගත්තා. තාත්තා හොඳ කලාකාරයෙක්. ජොන් ද බ්‍රිටෝ නාට්‍ය අධ්‍යක‍ෂණය කළා. මහගමසේකරගේ තුන්මං හන්දිය බලනකොට මට මතක් වුණේ අපේ තාත්තාව. එයා තොරන් ගැහුවා. මගුල් මඩු ගැහුවා. නොකරපු දෙයක් නෑ. මේ පිහිටීමත් ආභාෂයත් මට ලැඛෙන්න ඇති. කාර්මික පැත්තට කලින්ම යොමුවෙන්න. ඉස්සර නිතරම හැන්දෑවට අපේ ගෙදර එන පුද්ගලයෙක් තමයි හියුගෝ මාස්ටර්. එයා මට කිව්වා ලෝකේ අමාරුම රස්සාව තියෙනවා කරන්න පුළුවන් නම් කියලා. එහෙම තමයි මාව විජය චිත්‍රාගාරයේ කැමරා අංශයේ රස්සාවකට ගෙනල්ලා දැම්මේ. 1962 දෙසැම්බර් 28 වෙනිදා.

ඔබ මුලින්ම වෘත්තීය කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු ආරම්භ කරන්නේ විජය චිත්‍රාගාරයෙන්. අද වගේ ශිල්පීය තාක‍ෂණ ක්‍රම අතින් නොදියුණු අවස්ථාවන් දුලබ යුගයක. එහි ලැබූ අත්දැකීම් කෙබඳුද?

එතකොට අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටිය හැදෙන කාලේ. විජය චිත්‍රාගාරයේ මම අවුරුදු 6 ක් හිටියා. කාලේ දී මට හැකිවුණා හැම අංශයකම වැඩ ඉගෙන ගන්න. කැමරා අංශයේ වැඩ වගේම රසායනාගාරයට, ශබ්දාගාරයට, සංස්කාරක අංශයට, කලා අංශයට, වේශ නිරූපනය ආදී සියලූම ෙක‍ෂ්ත්‍රයන් අතර ගැවසෙමින් එවාහි අත්දැකීම ලැබුවා. වැඩ ඉගෙන ගත්තා. මම අද එ ගැන ආඩම්බර වෙනවා. කාලේ පාඨමාලා තිබුණේ නෑ. කිසි කෙනෙක් ඉගැන්නුවෙත් නෑ. ඉන්දියාවෙන් ආපු අධ්‍යක‍ෂවරු හා විදේශ රටවල අධ්‍යක‍ෂකවරු හිටියා. අයගෙන් යම් කිසි ආභාශයක් ලැබුණා. විදේශීය චිත්‍රපටි කීපයක් නිෂ්පාදනය වුණා. චිත්‍රාගාරය ආශ්‍රිතව ඉන්දියානු අධ්‍යක‍ෂකවරු හිටියා. විශේෂයෙන් මස්ථාන්, එල්.එස්. රාමචන්ද්‍රන්, වගේම සිංහල අධ්‍යක‍ෂකවරුන් හිටියා. අද ඔවුන් අමතක වෙලා වුණත් ටී. සෝමසේකරන් මහතා. ඔහු ජාතික අධ්‍යක‍ෂකවරයෙක්. ශාන්ති කුමාර් ශ්‍රේෂ්ඨ අධ්‍යක‍ෂකවරයෙක් ලෙස මම අදත් සලකනවා. පසුව මට ටයිටස් තොටවත්ත මහත්තයාගෙන් ආරාධනාවක් ලැබුණා. හාර ලක‍ෂය චිත්‍රපටියේ වැඩ කරන්න. අවස්ථාවේ දී මම තීන්දු කෙරුවා විජය චිත්‍රාගාරයෙන් අයින් වෙන්න.

විජය චිත්‍රාගාරයේදී ඉගෙන ගත්ත දේවලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් කිරීමේ අභියෝග කීපයක් ආවා. මම අදත් හාර ලක‍ෂය චිත්‍රපටියේ හැම රාමුවකටම කැමතියි. හැම රාමුවක්ම ගත්ත හැටි මට මතකයි. සාමාන්‍යයෙන් චිත්‍රාගාරවල කරන්නේ දොර වහලා රූප ගත කිරීම, හාර ලක‍ෂයට ගැහැව්ව පළවෙනිම සෙට් එක සිර මැදිරියක්. සෙට් එක ගැහැව්වට පස්සේ තොටවත්ත මහත්තයා කිව්වා, දොර ඇරලා ෂූට් කරන්න. මට අව්ව එන්න ඕනා සෙට් එක ඇතුළට කියලා. මගේ මුල් අවුරුදු හය ඇතුළත මම කවදාවත් දැකලා නෑ සෙට් එකේ දොර ඇරලා ෂූට් කරනවා. මට ලොකු බයක් ඇතිවුණා. මම එ පාර සුමිත්ත අමරසිංහ මහත්තයට ටෙලිෆෝන් කරලා කිව්වා. පස්සේ එයා සෙට් එකට ඇවිල්ලා බලලා උපදෙස් දීලයි ගියේ. ගුරුවරු විශේෂයෙන් නූන්නට එ අය ගුරුවරයෙක්වත් නොකරන විදියට මට උදව් කළා.

ක ඉතාමත් සාර්ථක වුණ චිත්‍රපටියක්. වගේම හැම රූප රාමුවක් පිළිබඳවම අදත් මට ආඩම්බර වෙන්න පුළුවන්. එතනින් පස්සේ කර්මාන්තයේ අනෙකුත් චිත්‍රපටිවලට දිගටම දායක වුණා.

ඔබ දායක වූ චිත්‍රපට පිළිබඳ ඔබේ මතකය

පළගැටියෝ, තුන්වෙනි යාමය, හංස විලක්, සුද්දිලාගේ කතාව, සිරි මැදුර, ටයිටස් තොටවත්ත මහත්තයාගේ හඳයා වෙනකම් සියලූම චිත්‍රපටිවල වැඩ කෙරුවා. ජූලියට් භූමිකාව ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ෆිල්ම්ස් දෙකක් විතර කෙරුවා. යසෝමා ගොඩක් එවා මතක නැහැ. මම සිය ගණනක නම් වැඩ කරලා නැහැ. නමුත් මේ අවුරුදු 40 තුළ අවුරුද්දකට එක ගානේ කරලා ඇති. මොකද එක මගේ ප්‍රතිපත්තියක්. මම එක ෆිල්ම් එකක් ඉවර වෙනකම් එක උඩින් තව එකක් භාර ගන්නේ නැහැ.

ඔබේ භාවිතාව තුළ සිනමා දිවියට දශක හතරක්. අද සිනමාව පිළිබඳ මේ ක්ෂේත්‍රය තුළම විවාදයට ලක් වූ කරුණක් වන ලාංකීය සිනමාවේ අර්බුදය ඔබ දකින්නේ කුමන ආකාරයෙන් ද?

සිනමාව කියන එක එකාලේ තිබුණා. දැන් නම් තියෙන්නේ පොඩි දුකක් එගැන. දැන් සිනමාවේ තියෙන්නේ ටෙලි නාට්‍යය. ඔක්කොම කරන්නේ ටෙලි නාට්‍යය ෆිල්ම් කරන එක. නළු නිළියොත් ටෙලි නාට්‍යය රපානවා සිනමාවේ. කැමරාමන්ලත් ටෙලි නාට්‍යය කැමරමන්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ක හොඳයි එටෙලි නාට්‍යයවත්, නාට්‍යයවත්, වීදි නාට්‍යයවත් මම පහළට දානවා නෙමෙයි. වීදි නාට්‍ය කලාකරුවෝ, වේදිකා නාට්‍ය ශිල්පීන් ඉතාම ශ්‍රේෂ්ඨ අය. අය ඕනා. නමුත් සිනමාව කියන්නේ රේඩියෝ නාට්‍යයක්වත්, ටෙලි නාට්‍යයක්වත් නෙමෙයි. සිනමාව, සිනමාවමයි. රේඩියෝ නාට්‍යයක් අපි අහගෙන ඉන්නවා. අහගෙන ඉදිද්දී අපිට පේනවා. ටෙලි නාට්‍යයකදී අපිට සීන් එකක් දෙකක් මිස් වුණා කියලා නැති වෙන්න දෙයක් නැහැ. අපි තාමත් එතනම ඉන්නවා. නමුත් සිනමාවේ ප්‍රේම් එකක් හරි මිස් වෙන්න බැහැ. හැම එකක්ම දකින්න ඕනා. කයි සිනමාව කියන්නේ. ක හින්දම තමයි අනෙක් සියලූම ආලෝකධාරා වහලා ඔක්කොම දර්ශන වහලා, අධ්‍යක‍ෂකවරයා පෙන්වන දර්ශනය, ශබ්දය එලෙවල් එකෙන් අහන්නේ.

ටෙලි නාට්‍යයක් බලද්දී ටෙලි විෂන් එකේ අපියි ශබ්දය පාලනය කරන්නේ. ෆිල්ම් එකේ එහෙම නෙමෙයි. ශබ්දය පාලනය කරන්නේ අධ්‍යක‍ෂකවරයා. ක මූලික දෙයක්. අද ශිල්පීන් ඉගෙන ගතයුතු මූලික දෙයක් තමයි සිනමාව මොකක්ද? ටෙලි නාට්‍ය මොකක්ද කියලා. අපි සියයට අනූවක් විතරම සිනමාවේ දකින්නේ චිත්‍රපට නෙමෙයි ටෙලි නාට්‍ය. ඉතින් එතැනදී නළු නිළියෝ කාර්මික ශිල්පීන් විතරක් නෙමෙයි අපේ නරඹන්නොත් ටෙලි නාට්‍ය නරඹන්න යන්නේ ෆිල්ම්වලට. ක තමා ලොකුම අභාග්‍ය.

අද සිනමාවේ තිඛෙන ලොකුම දුර්වලකම තමයි, තාම මේක අපේ ගෘහ කර්මාන්තයක්. තාම අපිට ෆිල්ම් එකක් කමර්ෂල් මාර්කට් එකට දාගන්න බැරිවුණා. මාල දිවයිනටවත්, වෙන රටකට ගෙනිහින් දවස් දෙකක් පෙන්වලා කීයක් හරි අරන් එන එක කමර්ෂල් මාර්කට් එක නොවෙයි. අද ඇමරිකාවේ චිත්‍රපටි කර්මාන්තයට ලොකුම තර්ජනය ඉන්දියාව. ටෙලි නාට්‍ය හෝ ශිල්පීන් හෝ අවශ්‍ය නෑ කියන එක නෙමෙයි එඅය ඉගෙන ගන්න ඕනෑ. නමුත් එඅයට කියන්න ඕනෑ සිනමාවෙයි ටෙලි නාට්‍යවලයි වෙනස. උදාහරණයක් වශයෙන් ගන්න කලු. සිනමාවේ කලුහරි ප්‍රබලයි. ක පුංචි ලයිට් එකකින් විශාල තැතිගැන්මක් ඇති කරන්න පුළුවන්. ඕක ටෙලි විෂන් එකේ පේනවද? නිහ`ඩතාවය ? ෆිල්ම් හෝල් එකේදී එක ග්‍රහණය කරගන්න එකට. අදාළ තත්ත්වයන් නිර්මාණය වෙනවා. සිනමාවේ දී ශබ්දය මගින් රූපය ඇති කරනවා. රූපය විතරක් නෙමෙයි ප්ලේන් එකක් නම් එක පෙන්නන්න ඉස්සර වෙලා ශබ්දය මගින් එක කොහෙන්ද එන්නේ කියලා තැති ගැන්මක් ඇති කරනවා. ක ටෙලි විෂන් එකේ ඇති කරන්න බැහැ. සියලූම දේවල් එක තැනකින් පාලනය කරලා. එක පුද්ගලයෙක් අපේ මොළය පාලනය කරගෙන කරන දෙයක් තමයි අපි සිනමාවෙන් දකින්නේ. සිනමාව කියන්නේ වෙනමම දෙයක්. එය අන් මාධ්‍යයන් හා සංසන්දනය කරන්නට බැහැ. දෙබස් ටිකක් හදාගෙන ලොකේෂන්වල ෆොටෝ ටිකක් දාගෙන කරන දේ තමයි අද සිනමාව වෙලා තියෙන්නේ. නිහ`ඩ යුගයේ සිනමාව අදත් ප්‍රබලයි. චාලි චැප්ලින්ගේ ෆිල්ම් අරන් බලන්න. කොච්චර ප්‍රබල ද කියලා. කට ඇරගෙන බලන් ඉන්නවා මොනවාද වෙන්නේ කියලා. අපි තාම ඉන්නේ රේඩියෝ යුගයේ. පින්තූරයක් දුවලා සල්ලි හම්බ කෙරුවා කියලා උඩ පනින එක නෙමෙයි වැඩේ. කයි තාම සිනමාව ගෘහ කර්මාන්තයක් හැටියට තියෙන්නේ.

අද ඩිජිටල් කැමරාව කොච්චර ප්‍රබල ද? ප්ලේන් එකේ උඩ ඉඳන් පනින මිනිහෙක්ගේ හෙල්මට් එකේ හයි කරල තියෙන කැමරාවෙන් මුළු ලෝකෙටම විෂුවල් එක දෙන්න පුළුවන් එක මොහොතකින්. කෙ සයිස් එකෙන් වැඩක් නෑ. ක්‍රිකට් බැට් එකේ අස්සෙ තියෙන කැමරාවේ සයිස් එක ගැන කතා කරලා වැඩක් නෑනේ. කොලිටි කියන්නේ එක නෙමෙයි. මිනිස්සුන්ට අවශ්‍ය රූපය අවශ්‍ය වෙලාවට ලබාදීමයි මූලික දේ. මූලික වන්නේ රාමුව හදන නිර්මාණ ශිල්පියාගේ කොටස. ක කැමරාව හොයා ගත්ත කෙනෙකුට හෝ එක අතට ගත්ත පමණින් කරන්නත් බැහැ. නිර්මාණයට යා යුතු මාවත, දැනුම අපේ ශිල්පීන්ට ලබා නොදීම නිසා ඔවුන් මොනවාහරි කරනවා.

කර්මාන්තයක් ලෙස සිනමාව පිරිහීමක් තිඛෙන බව ඔබ පිළිගන්නවාද?

පළවෙනි වරද හැටියට මම දකින්නේ චිත්‍රපටි නිෂ්පාදනයේ දී මාකට් රිසර්ච් එකක් නැහැ. එහෙම නොකරන එකම කර්මාන්තය වෙලා තියෙන්නේ සිනමාව. නරඹන්නා ගැන හිතන්නේ නැති, යායුතු මාර්ගය ගැන හිතන්නේ නැති එක. කව්රු හරි සල්ලිකාරයෙකු මෝඩයෙකුට අන්දලා මොකක් හරි කරලා කීයක් හරි හොයාගන්න එක තමයි කෙරෙන්නේ. සිනමාවට ප්‍රතිපත්තියක් නැහැ. කොච්චර සිනමා කෘතීන් බිහිවෙන්න ඕනද? වා කොහොමද යන්න ඕනෑ. කලාත්මක සිනමා කෘතීන් අවශ්‍යයි. වාණිජ චිත්‍රපටි අවශ්‍යයි. නැතුව සිනමා කර්මාන්තය පවත්වා ගන්න බැහැ. සියලූම ශිල්පීන් පවතින්න ඕනෑ. නිෂ්පාදන වියදම් පියවාගන්න ඕනා. වෘත්තීය මට්ටම ආරක‍ෂා විය යුතුයි. මම කිව්වොත් මම කරන්නේ කලාත්මක චිත්‍රපටි අනෙක් එවා ඔක්කොම ජරා එවා කියලා එකත් වැරදියි. කාම චිත්‍රපටිත් අවශ්‍යයි. කියන්නේ ජරා කාම චිත්‍රපටි නෙමෙයි. කාමය, ත්‍රාසය කියන්නේ යම් රසවින්දනයක්. කාම චිත්‍රපටි හෝ තවත් චිත්‍රපටියක් මාකට් කරන්නේ කොහාටද කියන එකෙයි ප්‍රශ්නය තියෙන්නේ. නිරුවත් දර්ශන ඇතුළත් පළවෙනි චිත්‍රපටිය මම දන්න හැටියට නම් පළගැටියෝ. නමුත් එක කොයිම වෙලාවක වත් කාම චිත්‍රපටියක් ලෙස හැඳින්වූවේ නැහැ. සුද්දිලාගේ කතාව ගත්තත් එහෙමයි. ඇඳුම් ගලවන එක නෙමෙයි ප්‍රශ්නේ. ඇඳුම් ඇෙග් තිබුණත් කාම චිත්‍රපටියක් හදන්න පුළුවන්. නිරුවත් උනා කියලා කාමයක් හැදෙන්නේ නැහැ. රසවින්දනයත් මනුෂ්‍යයාගේ කොටසක්. මම කාම චිත්‍රපටිවලට විරුද්ධ නැහැ. නමුත් ජරා විදියට කාමය විකුණන්න හදන එක තමයි මම පිටු දකින්නේ.

අපේ කොමඩි ෆිල්ම්ස් ගත්තත් මොනවද එවල තියෙන හාස්‍ය. හාස්‍ය, සෘංගාර රසය මේ හැම දෙයක්ම වෙනුවෙන් චිත්‍රපටි හදන්න පුළුවන්. චිත්‍රපටි සංස්ථාව පටන් ගන්න ඉස්සර වෙලා සුම්ත් අමරසිංහ මහත්තයා තමන්ගේ පුද්ගලික වියදමින් ශ්‍රී ලාංකීය සිනමාව සඳහා කියලා සටනක් ගෙනිච්චා. එතනදී ඔහු කිව්වේ ද්‍රවිඩ චිත්‍රපටි ලංකාවේ හදන්න. ඉන්දියානු චිත්‍රපටි ගේන්න නමුත් කොපි 3 ක් ගහන්න. කොපි 26 ක් නෙමෙයි. අපි ලංකාවේ දෙමළ චිත්‍රපටි හදමු. මෙහෙ හදලා එහාට යවමු. අපි සම්බන්ධ වෙලා කරමු කියලා. එතනදි චිත්‍රපටියේ අන්තර්ගතය මොකක්ද කියන එකට වඩා මේක කර්මාන්තයක් හැටියට ගෙනියන්න. ක්‍රමවත් චිත්‍රපටි කර්මාන්තයක් හදන්න. සිනමාවට ටෙලි නාට්‍ය හදපු එක තමයි වැරදිම දේ. වා දිව්වා නම් එක තවත් නරකයි. අපි දැන් වැරදි පාරක යන්නේ.

අද ඉන්න රංගන ශිල්පීන්ගෙන් සුළුතරයක් හැරෙන්නට බොහෝ අයගේ කැපවීම අඩුයි. උදාහරණයක් හැටියට බොහෝ අය මුලින් කියන්නේ අපි තිරනාටකය බලලා එන්නේ කියලා. නමුත් තිරනාටකය ගෙදරට ගෙනත් දීලා මාස ගණන් ගිහිල්ලත් සෙට් එකට එනවා හොරාටද පොලිස් කාරයටද ඇට් කරන්නේ කියලා දන්නේ නැතිව. ආවත් මානසිකව සෙට් එකේ නෑ. කොයිවෙලේ හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එයිද නැත්නම් ඉක්මනට යන්න තමයි බලාගෙන ඉන්නේ.

ඉස්සර විජය චිත්‍රාගාරයේ වැඩකරද්දි කැමරාවට කපුරු තියලා දුම් අල්ලන්න ඉන්න සුළු සේවකයාගේ ඉඳලා දුම් අල්ලලා පටන් ගත්තහම, නිෂ්පාදකවරයාගේ ඉඳලා නළු නිළි සියලූ දෙනාම ධ්‍යානයට සමවැදී වැඩේ පටන් ගන්නවා. අද වෙලා තියෙන්නේ කැමරාව ඉදිරියට එක්කෙනෙක් අරගෙන එනකොට අනික් කෙනා ගිහිල්ලා. අද ෂොට් එකක් ඊළ ෂොට් එකට මිනිස්සු හොයන්න ඕනෑ. කයි අද තත්ත්වය. අනිත් කාරණය තමන්ගේ චරිතය තුළින් පිළිඹිඹු විය යුතු නියම භාවයන් ඉදිරිපත් කිරීමක් හෝ එය ලබා ගැනීමක් නැහැ. කව්ද රුපියල් පන්සීයක් අඩුවෙන් ගන්නේ, එයාව තමයි වැඩේට ගන්නේ. කැමරා ශිල්පියෙක් වුණත් එහෙමයි. මිනිහා ෆිල්ම් අඩි දහදාහක් නාස්ති කෙරුවට එකේ ප්‍රශ්නයක් නැහැ. ගාණ අඩුයිනේ. නැත්නම් අහවල් ටෙලි නාට්‍යයේ හිටපු අයියව මේකට ගන්නවා. තාත්තව මේකට ගන්නවා. එහෙම කෑලි එකතු කිරීමක් විනා නිර්මාණයක් බිහි කිරීමට අවශ්‍ය චරිත තෝරා ගැනීමක් සිදුවන්නේ නැහැ. කෘතිය ගැන හිතලා තමන්ගේ ශිල්පීන් තේරීමක් නැහැ.

සිනමාව සමග ගෙවුණු ඔබේ දිවිය ගැන ඔබ සතුටු වෙනවාද?

මම දැන් අවුරුදු 40 ක් තිස්සේ වැඩ කෙරුවා. සේවයක් වුණාද නැත්ද මම දන්නේ නෑ. ඇත්තටම මට සතුටුවෙන්න පුළුවන්. මට මේ කාලය තුළ හුක් ශිල්පීන් බිහි කිරීමට ලැබීම ගැන. මගේ කැමරා ෙක‍ෂ්ත්‍රයේ වැඩ වලට අමතරව ශිල්පීන් පුහුණු කිරීම තමයි මම දැනටත් කරන්නේ. 1982 ඉඳන් වගේ මම පන්ති පවත්වනවා. ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සී.අයි.ඩී. පවා මම පුහුණු කරලා තියෙනවා. හු`ගක් නළු නිළියෝ සිනමාවට හඳුන්වාදීමට මම දායක වෙලා තියෙනවා. නීටා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, කුසුම් රේණු, මංගලා කරුණාරත්න ආදි නිළියන් මෙන්ම නළුවන් ද බොහෝ අය ඉන්නවා මම හඳුන්වා දුන්, පුහුණු කළ අය. පහුගිය කාලේ ස්වාධීන රූපවාහිනියට කෙරුවා ධර්ම අධිකරණය. එයිනුත් බොහෝ රංගන ශිල්පීන් හඳුන්වා දුන්නා. ගැන සතුටු වෙන්න පුළුවන්. අවුරුදු 40 ක් විතර වැඩ කෙරුවා. ඉතින් තව දුරටත් ෙක‍ෂ්ත්‍රය තුළ මට කරන්න දෙයක් තියෙනවා නම් මම සතුටෙන් කරනවා. කා එක්ක හරි. අලූත් අය හෝ පරණ අය එක්ක.

ඉදිරියේදී කිරීමට ඔබ ආරම්භ කර ඇති වැඩ කටයුතු ගැන සඳහන් කළොත්

ගාමිණී ලක‍ෂ්මන් ප්‍රනාන්දුගේ අලූත් ෆිල්ම් එකක කාර්මික අධ්‍යක‍ෂ හැටියට වැඩ කරනවා. මොහාන් නියාස්ගේ ෆිල්ම් දෙකක කැමරමන් ලෙස වැඩ කිරීමට අත්සන් කරලා තියෙනවා. .සී.අයි.සී. එකෙන් කරන පුහුණු කිරීමේ පාඨමාලාවල මම දැනට නිරත වෙනවා. පෞද්ගලිකවත් පුහුණුවීම් කරනවා. මම චිත්‍රපට සංස්ථාවෙනුත්, .සී.අයි.සී. එකෙනුත් ඉල්ලූවා වෘත්තීය ශිල්පීන්, ටෙලිවිෂන් වෘත්තීය ශිල්පීන් සිනමාව සඳහා පුහුණු කරවන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා. මම පහුගිය අවුරුදුවල අත්දැකීම් ලැබුවා. ලැබූ දැනුම, භාවිතය මම තවත් අලූත් අයට දෙන්න කැමතියි. නමුත් මට එසඳහා වියදම් දැරීමට අපහසුයි. මම නොමිලේ ඉගැන්වීම් කරන්න කැමතියි. චිත්‍රපට සංස්ථාව ඇතුළු ආයතන කීපයකට මම එගැන දැනුම් දීලා තිඛෙනවා.

සාමිචිය ෆ්‍රෙඩී ගමගේ