ඇමතිලාගේ උත්සව වලට නගර සභාව මුදල් වැය කරන්නේ ඇයි ?

0
83

මීගමුව අලුත් පාර හෙවත් අගරදගුරු නික්ලස් මාවත ආදර්ශ පාරක් ලෙසින් සකසන බව කියමින් හෙට දිනයේ රාජ්‍ය ඇමති නිමල් ලංසා විසින් වැඩ ඇල්ලිමට යොදාගෙන ඇති බැව් පෙනේ
හැඩ වැඩ සමගින් කිසිදු පළුද්දක් නැති පාරවල් පවා විවිධ නාමකරණයන් යටතේ කරලියට ගෙනඒම තුල ගාන කැපෙන්නේ කොන්ත්‍රාත්කාර හිතවතුන්ට සහ ඒහි කොමිස් මුදල සාක්කුවට දාගන්නා දේශපාලකයන් හටය.
අප දන්නා තරමින් කිසිදු රැකියාවක් නොකළ නිමල් ලංසා මේ වන විට ඕස්ට්‍රෙලියාවේ පවා නිවාස මිලට, ලංකාවේදි සුපිරි හෝටල් කිපයක හිමිකරුවකු බවට පත්වන්නේ මේ පාරවල් සෙල්ලම හරහාය.
මේ කටයුත්ත සැබැවින්ම අයත් වන්නේ මහාමාර්ග අමාත්‍යංශයටය. තතු එසේව තිබියදි මිගමුවේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය මහජන බදු මුදල් යොදවා මේ උත්සවය සංවිධානය කිරිමට පියවර ගත්තේ ඇයිද යන්න සැබැවින්ම ගැටළුවකි.
නගර සභාවට කිසිදු සම්බන්ධයක් නැති මේ පාරවල් හැදිම ගැන වැඩසටහනේ ආරාධනා පත යවනු ලබන්නේ තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස් විසිනි.