ඇමති අරුන්දිකගේ බල ප්‍රදේශයෙන් පිළිකාරක සහිත දැයි සැක පොල්තෙල් තොගයක් අත්අඩංගුවට ..

0
142
arundika fernando

විෂකාරක සහිත පොල්තෙල් අඩංගු බවට සැක කෙරෙන බවුසර දෙකක් දංකොටුව ප්‍රදේශයේ දී ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි දංකොටුව පොලිසිය සදහන් කර තිබේ

දංකොටුව ප්‍රදේශයේ පොල්තෙල් කම්හලක සගවා තිබියදීයි මෙම බවුසර් දෙක සොයා ගැණුනේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් අනුවය.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම බවුසර් දෙක සහ ඒවායේ රියදුරන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ සහිත රසායනික අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් සමාගමකට අයත් අදාළ බවුසර් දෙකේ තිබූ‌ පොල්තෙල් සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබේ

coonut oil Bowser 825x412 1

මේ අතර ඇෆ්ලටොක්සීන් නම් පිලිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වන බවට තහවුරු වූ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණ .
ඒ ප්‍රකාශයත් සමගින් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රකාශන් නිකුත්ව තිබුනේ පිළිකාකාරක යැයි හදුනාගැනිමෙන් පසු ප්‍රතිඅපනය කළද ඒවාද ප්‍රයෝජනයට ගන්නේ මිනිසුන්ම නේද යැයි ප්‍රශ්ණ කරමිනි.
හැමදේම ගැනම කතා කියවන අයෙකු බවට දැන් ප්‍රසිද්ධව සිටින රාජ්‍ය ඇමති නිමල් ලංසාද මේ ප්‍රතිඅපනයන කථාව ප්‍රකාශ කර තිබුණ අතර සමාජ මාධ්‍ය හරහා ප්‍රතාශ කර තිබුණි.
ඒ ප්‍රකාශය ගැන දැනටමත් විවිධ විවේචන එල්ලවන්නට පටන් ගෙනය.
පුත්තලම් දිස්ත්‍රික්කයේ කුප්‍රකට ඇමතිවරයෙකු වු අරුන්දික ප්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ පිළිකා කාරක සහිත පොල්තෙල් බිඳක්වත් වෙළද පොලට නිකුත් වි නැති බවය.
තතු එසේව තිබියදි පුත්තලම් දිස්ත්‍රික්කයෙ දංකොටුව පොලිසිය මේ පොල්තෙල් තොලය වටලා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here