ඇමති කුට්ටම යළිත් ඇනෙයි ? අළුත් සෞඛ්‍ය ඇමති කෙනෙක් ?

0
94

රට දැවැන්ත ව්‍යසනකාරි තත්වයක් අබියසය. කොරෝනා පාලනය කිරිම පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට පවරන ලෙස හිටපු අගමැතිවරයා දැඩි ලෙස අවස්ථා කිපයකදිම අවධාරණය කරන්නට යෙදුණි.
මේ අතර කොරෝනා පාලනය කිරිම උද්දච්ච කමෙන් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණද දැඩි විවේචනයක් කරමින් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
තතු එසේව තිබියදි ලබන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.ඇය වෙනුවට වෛද්‍ය රමේෂ්  පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද ඩේලි මිරර් වෙබ් අඩවිය අනුමාන කර තිබේ.

මීට අමතරව අධ්‍යාපන, මාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යධුරවලද වෙනසක් සිදුවෙනු ඇති බව වාර්තා වෙයි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට යළිත් විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිවීමට නියමිත බව ඩේලිමිර් වෙබ් අඩවිය වාර්තා කරයි.