ඇමති ටිරාන් කාර්දිනල් හිමිට බෝලේ පාස් කරයි ?

0
134

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා එක්වන ලෙස තමන් කාදිනල් හිමිපාණන්ට ඇරයුම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබුණි..
ඒ පසුගියදා කැළණිය පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

”මට දෝෂාරෝපණයක් එල්ල වෙනවා පාස්කු ප්‍රහාරය ගැන. මම කදිනල් හිමියන්ට ආරාධනා කරනවා මේක හොයන්න එකතු වෙන්න කියලා. මම කතෝලික සභාවට පොරොන්දු වෙනවා මොන ලොක්කෙක් වුණත් මම ඊට විරුද්දව කටුතු කරනවා කියලා”යැයි අමාත්‍යවරයා කියා සිටියා.

මේ අනුව දැන් පොලිස් ඇමතිවරයා විසින් බෝලය කාර්දිනල් හිමියන් වෙතට භාර දි තිබේ.කතෝලික පල්ලිය විසින් මේ තිරිසන් ප්‍රහාරය ගැන දන්නා සියළු කරුණු ප්‍රසිද්ධියේම හෙළිකර සිටිමට දැන් අවස්ථාව උදාවි තිබේ.

මේ අතර බොර දියේ මාළු බාන්නට උත්සාහ ගනිමින් සිටින නිමල් ලංසා පසුගිදා පාස්කු ප්‍රහාරයේ වගකිම ජවිපෙ භාරගත යුතුයැයි කියමින් සිය පැරණි දේශපාලන හමුලාව නිදහස් කිරිමට අසාර්ථක උත්සාහයක යෙදෙන්නට දැන් පටන් ගෙන තිබේ.

රටේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා ගෝඨාභයට බලය දිය යුතුයැයි සෘජුව හෝ වක්‍රව වචනයෙන් ක්‍රියාවෙන් කටයුතු කළ සියල්ලන්ගේ අත්වල ලේ ඇති බව මේ රටේ ජනතාව ඉතා හොදින් දැනගෙන සිටිය යුතුව තිබේ.

බලය වෙනුවෙන් අහිංසකයන්ව ඝාතනය කිරිම සිය දේශපාලන අරමුණු වෙනුවෙන් මයික් කටවල් ඉදිරිපිද සංදර්ශන බවට පත්කරගැනිමට උත්සාහ කරන කව්රුන් වුව පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය