එමෙන්ම දේශපාලකයන්ද බලන්නේ තමන්ගේ ජනප්රියත්වය ඉහල දා ගැනිමට අතදිගහැර වියදම් කිරිමටය.
ඒ මුහුණු පොත හරහාය.
එහෙත් මුහුණු පොත හරහා ලංකාවේ විකුණාගැනිමට නොහැකි අවාසනාවත්ත දේශපාලකයා බවට අද පත්ව ඇත්තේ රාජ්ය ඇමති නිමල් ලංසාය.
නිමල් ලංසාව promote කරන්න ගම්පහ සිංහයෝ නමින් වු FB පිටුවක් නිමල් ලංසාගේ ඡායාරූපයක්ද සහිත කිසියම් බැනරයක් ප්රදර්ශනය කර තිබුණි.
එය පළකරන ලද සැනින්ම FB එකේ දැවැන්ත ප්රහාරයක් ලංසා වෙත එල්ල වි තිබේ.
එපමණක් නොව ගම්පහ සිංහයන්ද ලංසාව promote කරන්නට ගොස් දැවැන්ත ඇනගැනිමකට පත්වෙමින් තිබෙන අයුරු දැන් ඉතා පැහැදිලිය.
ඉන් කියැවෙන්නේ ගම්පහ සිංහයන් නොව කව්රුන් ලංසාව promote කරන්නට හැදුවද එය කිසිසේත්ම කළ නොහැකි එකක් බවය. .
ඉන් කියැවෙන්නේ දැන් ඔහු දේශපාලන සමාජය තුල මෙන්ම මුහුණු පොතේද කල්ඉකුත්වු භාණ්ඩයක් යන තිත්ත ඇත්තද ?