ඇමති නිමල් ලංසාගේ කැමැත්ත සහ තාත්තාගේ අදායම

0
66

beach park 1beach park 2මහනගර සභාවට මහජන සේවා ස්ථානයන් නිසි ලෙසින් නඩත්තු කිරිමට හෝ පවත්වාගෙන යාමට නොහැකි නිසා ඒවා කළ හැක්කේ පුද්ගලික අංශයට පමණක් බව තමන් විශ්වාස කරන බව ඇමති නිමල් ලංසා මහතා මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
ඒ අනුව මීගමුව ක්‍රිඩා පිට්ටනි ඇතුළු බොහෝමයක් දෑ ඔහු නගරාධිපතිව සිටියදි පුද්ගලික අංශය වෙත පැවරුණි,
මෙහිදි වඩාත් විවාදාත්මක වුයේ ඒ බොහොමයක් දෑ තමන්ගේ පවුලේ අයට හා හිතුවතුන් අතර බෙදා දිමට ඔහු කටයුතු කර තිබිම ගැනය.
නිදසුනක් ලෙසින් කඩොල්  කැලේ ක්‍රිඩාංගනය මුලදි  ජුපිටර්ස් ක්‍රිඩා සමාජය හරහා ඩන්ස්ටන් ගොළු හේවාටත් පසුව සිය  සහෝදරයා වන දායාන් ලංසාටත් පැවරුණි.
මීගමුවේ දිනපතා වැඩියෙන්ම ආදයම් ලබන ස්ථානයන් වන වෙරළ උද්‍යානය, මාළු වෙලද සැල පමණක් නොව නගර සභාවට අයත් පාරක රථ ගාලක් පවත්වාගෙන යාමටද මේ අනුව ඔහුගේ පියා වාසනාවන්ත විය.එපමණක් නොව වෙරළ උද්‍යානයට යාබධච පළාත් සභා අරමුදල් වලින් ඉදිකරනු ලැබූ පිහිණුම් තටාකය සහ ජල උද්‍යානය දැන් ඇමති ලංසාගේ පියාගේ වත්කම් ගොන්න තරකරමින් තිබේ.
විශාල සෙනගක් සහභාගි වු ඊයේ වෙරළ උද්‍යානයේ පැවැති සංගිත සැදැවේන් විශාල අදායමක් ලබන්නට මේ අනුව ඇමති පියා පින්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here