ඇමති නිමල් ලංසා එජාපයට පැනිමේ සුදානමක් ….. ?

0
78

lansa12ඇමති නිමල් ලංසා එජාපට එන්නට  ඇති සුදානමක් ගැන මේ දිනවල දේශපාලන කවයන්හි කථාබහට ලක්ව තිබේ.
කළු සල්ලි ව්‍යාපාරිකයන්ට හට දේශපාලනය යනු අංක දෙකය. අංක 1 වන්නේ සිය ජාවාරම් කරගෙන යාම සදහා අවැසි පසුබිම හදා ගැනිම පමණි.
මේ පසුබිම යටතේ ඇමති නිමල් ලංසා මේ දිනවල ඕස්ට්‍රෙලියාට වි කල්මරමින් සිටින්නේ සැප්තම්බරයේ  එජාපයට පනින්ටදැයි යන්න දැන් උණුසම් කථාබහක් බවට පත්ව තිබේ.
මීගමුව චිකාගෝවක් කළ ලංසා පවුල තමන්ට මිගමුව තුල අහිමිවෙමින් යන බලය නැවත ස්ථාපිත කරගැනිම සදහා ඕනෑම සූදුවක නිරතවිය හැකි බව පැහැදිලිය.
පසුගිය මැතිවරණයේදි මීගමුව වැඩි ඡන්ද 31000කින් ජයගෙන තිබුනේ පළාත් සබා ඇමතිධුර 11ක් නියෝජ්‍ය ඇමතිධුරයක් හා රාජපක්ෂ රෙජිමයේ නගර සභාවක්ද මිගමුව තුල තිබියදිය.
මේ ශක්තිමත් බව විනාශ කිරිම සදහා ලංසා පවුල විසින් එජාපයේ අතලොස්සක් වන පිරිසක් අල්ලාගෙන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටි.
මේ අනුව ලංසාල පවුලට  එරෙහි බලවේග මිගමුව තුල නිහඩ කොට තමන්ට පාලනය කර ගතහැකි දේශපාලන ළදරුවන් හට පසුබිම සකසා දිම ඉලක්ක කොටගෙන මේ  කුමන්ත්‍රණය  ක්‍රියාත්මකය.
මීගමුවේ ජනයා අතර කිසිදු අවධානයකට ලක් නොවුනද කිසිදු ප්‍රතිචාරයක් නොතිබුනද ඇතැම් පිරිසක් විසින් ලංසා පවුලේ මේ උවමනාව දැන් සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක කරගෙන යමින් සිටි.
දේශපාලන වශයෙන් ජනතාව අතර කිසිදු පිළිගැනිමක් හෝ ජනප්‍රිය භාවයක් නැති අය කිපදෙනෙකුද ලංසලාගේ මේ මෙහෙයුමේ අතකොළු බව පැහැදිලි වන්නේ මුහුණු පොත්වල ඔවුන් ගේ හැසිරිම් නිරික්ෂණය කරන කල්හිය.