පසුගිය ගිය කාලය තුල මේ පිල් ගැනිමට එතරම් පැහැදිලිව නොතිබුනද මේ වන විට එය යම් පමණකට පැහැදිලි වන්නට පටන්ගෙන තිබේ.
විශේෂයෙන්ම මීගමුව තුල ශ්‍රිලනිප දේශපාලකයන්ගේ මේ පැති ගැනිම දැන් කෙමෙන් එලියට එමින් තිබේ.
මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා දැන් ප්‍රසිද්ධියේ කියමින් සිටිනවා යැයි වාර්ථා වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පැහැදිලිව ක්‍රියාත්මක වන බවය.
මේ අතර බැසිල් රාජපක්ෂගේ සම්ප්‍රාප්තිය තවත් දෙසතියක් ඇතුලත් සිදුවිමට නියමිත බැව් වාර්තා වේ .
ඔහුගේ පැමිණිම මේ ඇතැම් දේශපාලකයන්ගේ පැතිගැනිම් තවත් නිශ්චිත විමට ඉඩ ඇති බැව් සැලය.
විශේෂයෙන්ම බස්නාහිර පලාත් සභා ඇමති නිමල් ලංසා මේ අනුව ක්‍රියාත්මක විමට නියමිත එක් ප්‍රබල අයෙකු බවට දේශපාලන ක්ෂේත්රයේ කථා බහක් මතුව තිබේ.
ඇමති රාජිත හරහා ඇති කිසියම් සබදතාවක් මගින් මෛත්‍රි පිළට නිමල් ලංසා සමිප වෙතැයි පෙනි ගියද දැන් දැන් එය වෙනස් වන්නට පටන් ගෙන ඇති බවට මීගමුවේ ඔහුට සමිප දේශපාලන කවයන් අතර කථාබහක් මතුව තිබේ.
කෙසේ වෙතත් අප්‍රේල් 19 වනදා ඔහු බැසිල් රාජපක්ෂ පිළිගැනිමට ගුවන් තොටට යනු ඇතැයි අපගේ ආරංචි මාර්ග හෙළි කර තිබේ.