ඇමති නිමල් ලංසා ලගදිම අත්අඩංගුවට – ඇමති ජෝන් අමරතුංග

0
83

John-amarathunga-720x340කොමිස් ගැසිම් ඇතුළු විවිධ වංචා චෝදනා ලැබ සිටින බස්‌නාහිර පළාත් සභාවේ ඇමැතිවරයකු වන නිමල් ලාන්සා පිළිබඳ මේ වනවිට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇති බවත් අදාළ සාක්‍ෂි එක්‌රැස්‌ වූ පසු ඔහු අත්අඩංගුවට ගන්නා බවත් මහජන සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා කොළඹදී පැවැසු බව දිවයින පුවත් පතේ පුවතක් උපුටා දක්වමින් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය අද වාර්ථා කර තිබුණි.

මීට පෙර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිමල් ලාන්සා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලාන්සාගේ නිවසටම ගොස්‌ ඔහු ආරක්‍ෂා කළ අයුරු රටම දුටු බවද ඇමැතිවරයා කියා සිටි බව එහි සදහන්ය.

ඉදිරි මහ මැතිවරණයේදී ශක්‌තිමත් රජයක්‌ පිහිටුවීමට එක්‌සත් ජාතික පක්‍ෂයට ජනතා සහාය ලැබෙන්නේ නම් මෙම මත්කුඩු ජාවාරම්කරුවන් පමණක්‌ නොව චෝදනාවලට ලක්‌වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සියලු දෙනාට අධිකරණය හරහා දඬුවම් දෙන බවද ඇමැතිවරයා එහිදි සදහන් කර ඇත

අද මාධ්‍ය විසින් වාර්ථා කරතිබුන ඇමති නිමල් ලංසා පිළිබදව පුවත ගැන අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමති නිමල් ලංසා  පවසා සිටියේ තමන් ගැන කරන චෝදනා පිළිබදව ඇමති ජොන් අමරතුංග හට ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමන් අභියෝග කරන බවය.එමෙන්ම ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව ඇති සියළු චෝදනා ඉදිරියේදි හෙළිකරන බවද පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here