ඇමති නිමල් ලංසා සහ බර්ටෝල් බ්‍රෙස්ට් ?

0
590

lansa banner 2දේශපාලකන්ගේ කට්අවුට් වලින් නගරයක් වැසි යමින් තිබේ. නත්තල් සුභපැතුම් වල සිට නානා ප්‍රකාර දෑ ඊට ඇතුලත්ය.
මේ සියළු දැවැන්ත පුවරු අතරට පැමිණි අඵත්ම එක වන්නේ ඇමති නිමල් ලංසා ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුරයෙන් පිදුම් ලද බව කියැවෙන එකය.
එහි කදිම වදනක් පෙළක් වේ.දෙයක් වෙත්නම් සුදුස්සාට අයිති විය යුතුයැයි එහි ලියා තිබේ.ඒ ප්‍රසිද්ධ ප්‍රකාශය හුණු වටයේ කථාවේ එන ප්‍රකට කියමනක් වන අතර එය ලියු බර්ටෝල් බ්‍රෙස්ට්ගේ නමද එහි සදහන් කර තිබේ.
දැන් මතුවන ගැටළු වන්නේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුරය යනු කුමක්ද යන්නයි.
ඇත්තම කථාව නම් එහි ඇති තනතුරක් නැති බවය.
දිස්ත්‍රික්කය ආසන 13 කින් සමන්විතය.ඒ සියල්ලටම ආසන සංවිධායකවරු සිටිති.ගම්පහ ඡන්ද කොට්ටාශයටද ආසන සංවිධායෙකු සිටි.
එබැවින් මේ එකම ආසනයකටත් උරුමකම් හිමිකම් කියන්නට ඇමති ලංසාට නොහැකිය.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය සදහා කණ්ඩායම් නායකයෙකුද සිටි.ඒ ද ඇමති ලංසා නොවේ.
ඒ සියල්ල එසේ වෙද්දි ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුරය යනුවෙන් අරුත් ගැන්විය හැකි ඇත්ත තනතුරක් නැත.
මෙයට ඇමති ලංසාගේ මැතිවරණ ප්‍රචාරක සටහනට යොදාගන්නා පොස්ටර් බැනර් තනතුරක් විනා ඉන් එහි යමක් නැත.
එහෙත්  මෙවරද කෝටි ගණන් මුදල් විසිකිරිමට සැලසුම කර ඇති නිමල් ලංසා ඇමතිවරයා තමන්ගේ පළමු පොස්ටරයද ගම්පහ දිස්ත්‍රික්කය පරාම අලවා ඇත්තේ මේ නමට පමණක් ඇති ධුරය මහඉහලින් ඔසවා තබමින් එය තමන් වෙත පමණක් ජනපතිෙගන් ලැබු අති ශ්‍රේෂ්ඨ ඉහල තනාන්තරයක් බව කියා ජනතාව ගොනාට අන්දවනු පිණිසය.
මෙවැනිම ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුර ලබාගෙන ඇති එජාප දේශපාලකයන්ද ගණනාවක් සිටිති.රංජන් රාමනායක එවැන්නෙකි.අමැති නිමල් ලසංාගේ ප්‍රබල හතුරෙකු ලෙසින් සිය නගර සභා නිල කාලය තුල සැලකු ප්‍රදිප් පිරිස් මහතාට ඇත්තේද එවැනිම ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුරයකි.ඉන් කියැවෙන්නේ ප්‍රදිප් පිරිස් මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ එකම සංවිධායකවරයා වන බවද ?? නැත.