ඇමති ප්‍රසන්නගේ බිස්නස් වැඩක් ගැන කුමුදේශ්ගෙන් හෙළිදරව්වක්(විඩියෝ)

0
83

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ රහසිගත වැඩ පිළිවෙලක් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් දියත් කර ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම යටතේ රටේ පවතින වේගවත්ම රසායනාගාර ගුවන් තොටුපල තුල ඉදිකර තිබියදී එය ගලවා දමා, විදෙස් මුල්‍ය සමාගම් මගින් කොමිස් ලබා ගැනීමට දියත් කර ඇති මෙම සැලසුම පිළිබද “වියත්” සෞඛ්‍ය ඇමති වරුන් මුනිවත රකිමින් සිටියදී, රසායනාගාර සේවාවේ අයිතිකරුවන් සේ පෙනී සිටින සමහර විෂේශඥ වෛද්‍ය වරුන් ඊට උදව් කරමි සිටින බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.
“සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය වරයාගේ මෙම සැලසුමට, ජනාධිපතිවරයා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි අප බලා සිටිමු. එසේම මෙම ක්‍රියාන්විතය සාර්ථක බව පෙන්වීම උදෙසා පෙන්වා දී ඇති කිසිවක් යථාර්ථයන් නොවන බවද, ඉතා ප්‍රාතමික උපකරණ කිහිපයකට ආයොජනය කර විශාල මුදලක් ඉපයීම ඔවුනගේ සැලසුම බවද පෙන්වා දෙමු. ඔවුන් පවසන ධාරිතාව සහ පරීක්ෂණ කාළය, සැපයෙන උපකරණ පද්ධතිය මගින් කිසිසේත්ම ලබා දිය නොහැකි අතර එම රසායනාගාරය, දැනට ගැලවීමට සැලසුම් කර ඇති රසායනාගාරයේ අහලකවත් තැබිය නොහැක. තමන්ගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස නොකරමින්, ගුවන් සේවා අමාත්‍යවරයා, ජාත්‍යන්තර මුල්ලෙ සමාගමක් කෙරෙහි මෙතරම් විශ්වාසයක් තැබීම ප්‍රෝඩාවකි. අහාර, පැලෑටි පරීක්ෂණ මෙන්ම ගුවන් තොටුපල හරහා එහා මෙහා යන ඕනෑම ද්‍රව්‍යක් ක්ෂණික පරීක්ෂාවන්ට ලක් කල හැකි නවීන අනුක ජීවී රසායනාගාරයක් ගුවන් තොටුපලට ලබා දීමේ හැකියාව තිබියදී, කොරෝනා වසංගතය ගසා කෑම සදහාම යොදවා ගැනීමට මාන බලන මෙවැනි සැලසුම් කෙරෙහි ජනාධිපතිවරයාගේ මීට වඩා වැඩි අවධානයක් අපි අපේක්ෂා කරමු.”

කටුනායක PCR රසායනාගාරය පෞද්ගලික අංශයට දෙන්නෙ නෑ – ප්‍රසන්න  

මේ අතර, කටුනායක ගුවන්තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට එක්තරා සෞඛ්‍ය වෘත්තීය සංවිධානයක් කරනු ලබන චෝදනාව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සදහා සමාජ ගත කරමින් සිටින බොරු ප්‍රචාරවල තවත් කොටසක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.    ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බවයි.

srilankamirror.com