ඇමති මංගලගේ අත්සනින් ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ..

0
55

මේ වන විට අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සන ඇතිව ඒ මහතා විදේශකටයුතු අමාත්‍යවරයා බව හගවමින් සමාජමාධ්‍ය ජාල හරහා හුවමාරුවන ලිපිය අසත්‍ය ලිපියත් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා මෙවැනි දෑ නිර්මාණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසළදී පසුගියදා ඇති වූ සිදුවීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාජ ලිපිය නිර්මාණය කර තිබේ.

ඡායාරූපය – http://www.infosrilankanews.com