ඇමති රාජිතට එරෙහිව පාරට බැස්ස 36 දෙනා කව්ද ?

0
126

IMG-20190613-WA0088මිගමුවට අඩුපාඩුවක්ව පැවැති අංග සම්පුර්ණ ළමා රෝහලක් ඉදිකරදිමට මිගමුවේ පදිංචිකරුවකු වන ලෝකප්‍රකට දමිල ව්‍යපාරිකයෙකු වු මුරුගා මහතා ප්‍රමුඛ මෙල්වා ආයතනය කටයුතු කර තිබුණි.එම රෝහල විවෘත කිරිම ඊයේ දිනට යෙදි තිබුණි.එය විවෘත කිරිමට පැමිණි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව මිගමුවේ පැවැති විරෝධතාවයක් ගැන රාජපක්ෂවාදි මාධ්‍ය විසින් මහලොකුවට උඩදමා එය දැවැන්ත උද්ඝෝෂණයක් ලෙස රටට පෙන්වා දෙන්නට උත්සාහ කර තිබුණි.එපමණක ඇතැම් වෙබ් අඩවි සහ මුහුණු පොතේ ඇති තතු දැනනොදැන දගලන ඇතමුන් රාජිතට එරෙහිව විරෝධය පළකළ මිගමුවේ ජනයාට උපහාර කළ යුතුය යැයි කියන්නට පවා පෙළඹි තිබුණි.ගණන් සාස්තරයවත් හරිහැටි නොදන්නා මිගමුවේත් රටේත් ඇතැම් මාධ්‍යවේදින්ට අපට කියන්නට සිදුව ඇත්තේ උද්ඝෝෂණට පැමිණ සිටි පිරිස ගණන් කරන ලෙසය.සැබැවින්ම එහි සිට ඇත්තේ 36දෙනෙකු පමණි.(ගණන් නොදන්නා අයට නම් එය විශාල පිරිසක් වියහැක.)සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධාත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා සියලුම ආගම්වල නියෝජනය කරමින් ජූජ්‍ය,පූජකතුමන්ලාද පැමිණි සිටි අතර ආගමික වතාවත් අවසන් විමෙන් අනතුරුව ඒ සියලු දෙනා පිටව ගොස් තිබුනි.ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතාකරන ඇමති මණ්ඩලයේ අතලොස්ස අතර සිටින මංගලට සහ රාජිතට එරෙහිව බෞද්ධ භික්ෂූන්වහන්සේලා මේ අයට විරෝධය පලකරන බවට දැවැන්ත ප්‍රචාරයක් රටතුල පසුගිය දිනවල ගෙන ගොස් තිබුණි.කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයා පැමිණි මිගමුව රෝහලේ උත්සවයට අඟුරුකාරමුල්ල මුල්ල පන්සලේ භික්ෂූන්වහන්සේලා පිරිසක්ද වැඩම කර සිටියහ.සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල රෝගින් සදහා දැනෙන ප්‍රතිලාභ රැසක් අත්පත්කරදුන් ඇමතිවරයෙකු ලෙස  රාජිත ඇමතිවරයා කැපිපෙනෙද්දි ඊට එරෙහිව කවදත් පෙනය පුප්පන නයින් බවට පත්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මිගමුවේදිද විරෝධය පලකිරිමට අසාර්ථක උත්සාහයක නිරතව සිටි බව දක්නට ලැබුණි.ඊයේ මිගමුවට ලැබුණු දැවැන්තම තෑග්ග ගැන පැසැසුම පසෙකලා කාගේ ⁣හෝ කොන්ත්‍රාත්තුවක් සදහා පාරට පැමිණ සිට 36 දෙනා ගැන අපට නම් ඇත්තේ දුකකි.තමන්ගේ දරුවන්වද බයක් නැතිව අරන්යන්න පුලුවන් පහසුකම් සහිත රෝහලක් මිගමුවට ලැබෙද්දි ඒ ගැන සතුට පලකරන බැනර් වෙනුවට කව්රුන් හෝ ලබාදුන් බෝඩ් අල්ලාගෙන සිටිමට විම තරම් බාල්දුවිමක් තවත් තිබේද?සැබැවින්ම මේ බොඩ්අල්ලාගෙන සිටින අයගේ මුහුණු දකින විට පැහැදිලි වන්නේ උණ ගැනුන සිය දරුවෙකු මිගමුව නවලෝක රෝහලට ගෙනයන්නට කරම් වත්කම් ඇති අය නොවන බවය.එහෙත් මේ අයව පාරට කැදවු අයට නම් එය එසේ නොවේ.